Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 8, 2014

මනුෂ්‍ය සබඳතා විකෘති හා විකාරරූපී බවට පත්වීම නිසා ඇති වී තිබෙන අයහපත් ප්‍රතිඵල මොනවාද ? !!



මනුෂ්‍යයන් තුළ පොදුවේ දක්නට ලැබෙන කේන්ද්‍රිය දුබලතා ලෙස ඉන්ද්‍රීය ප්‍රීණනයෙහි ඇති කැමැත්ත කාමභෝගී ලෙස කටයුතු කිරීමට දක්වන ආශාව, ඉහළ සමාජ ස්ථරයන් කරා පිවිසීමේ අරමුණ හා කැමැත්ත, ප්‍රදර්ශන කාමය වැනි කරුණු පෙන්වා දිය හැකිය. 

ඊට අමතරව සාමාන්‍යයෙන් සෘණාත්මක ආකල්ප ලෙස සැලකිය හැකි දැනීම් විශාල ප්‍රමාණයක් මිනිසුන් සතු වේ. ඔවුන් සතු ආකල්ප දුබලතාව නිසා මිනිසුන් ඉතා පහසුවෙන් පවතින සමාජ ක්‍රමයෙහි විකෘතිතාවයකට ගොදුරු වේ. පවතින සමාජ ක්‍රමය යටතේ මිනිසුන් තුළ පවතින සංවේදිකම, පිරිසිදු සමාජ විඥානය විකෘතිකර දමනු ලැබේ. මානව චර්යා, ආකල්ප, ආවේදන හා විශ්වාස විකෘති හැඩතල ගෙන තිබේ.

 මංකොල්ල කෑම්, සාවද්‍ය බිහිසුණු මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, විවිධ අපචාර හා තදබල අශෝබන ක්‍රියා වැනි දැඩි ජුගුප්සාජනක අශ්ලීල  ප්‍රචණ්ඩකාරී ක්‍රියා රැසකට මානව ආකල්ප, ආවේදන හා චර්යාව විකෘති වීම සෘජුවම හේතු වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වර්තමානයේ සමාජයතුළ මානව සබඳතා  ස්වභාවිකත්වය ඉක්මවා ගිය විකෘති ස්වරූපයක් ගෙන තිබීමයි. 

මෙය බාහිර අභ්‍යන්තර විවිධ මට්ටමේ කරුණු කාරණා ඉවහල් වී තිබේ. අද පවතින අධික තරඟකාරී ආර්ථික රටාව තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා වෙතට විවිධ බලපෑම් මේ තත්වය නිසා ඇති ව ඇත. පවතින සමාජ, ආර්ථික හා දේශපාලන බලපෑම් වනාහී හොඳ ඒවාට වඩා නරක ඒවාවල ප්‍රමාණය අධික වී තිබේ. 

මේ හේතුව නිසා වර්තමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින් හොඳ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට වඩා ලාභය උපරිම ලැබීමේ අරමුණ පෙරදැරිව අහිතකර, විකෘති සහගත සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම නිසා ඒවාට මනාව සැසඳෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමු වී තිබේ. 

මේ හේතුව නිසා තත්වයෙන්, ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් ඉතා පහළ මට්ටමක තිබෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණයක්  විවිධ වෙළඳ සන්නාම නාම යටතේ විවෘත වෙළඳ පළ ආර්ථික ක්‍රමවේදයේ බලපෑම අනුව අද ආර්ථික වෙළඳ පළ තුළට ප්‍රවේශව තිබේ. 

ඒ බහුතර පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමක් කිරීම සඳහාය. බහුතර පාරිභෝගික පිරිසක් යැයි වාණිජ අර්ථ ක්‍රමයේ දී අර්ථ දක්වා ඇත්තේ වැඩි වෙළඳපළ මිලදී ගැනීමේ ශක්තියක් නැතහොත් ක්‍රය ශක්තියක් ඇති පුද්ගල සමූහයකට බව ආර්ථික විද්‍යා න්‍යායය අනුව පැහැදිලි කළ හැකිය. මේ අනුව සමාජයෙහි වැඩි ක්‍රම ශක්තියක් හිමි වන්නේ නොගැඹුරු මානසික ආකල්ප, ආවේදන හා චර්යා සහිත පිරිසකට බව පෙනී යයි. 

මේ පිරිසට ගැලපෙන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින් පෙළඹේ. මේ යටතේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතිය, ගුණාත්මක බව හා කල්පැවැත්ම පහළ මට්ටමක පවතියි. 

මේ තත්වය කලාව සාහිත්‍ය වැනි සියලු නිෂ්පාදන කෙරෙහි එක හා සමානවම බලපානු ලබයි. මේ හේතුව මත සමාජයේ විවෘත වෙළඳ පළතුළ විකිණීමට තබා ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අනිවාර්යයෙන්ම ගුණාත්මක බව, ප්‍රමිතිය හා කල්පැවැත්ම ආදී අංශයන්ගෙන් පහළ මට්ටමක පවතියි. 

එවිට සමාජයේ වෙසෙන මිනිසුන් අතරින් ආකල්ප, ආවේදන හා චර්යා ආදී පැතිකඩවල ගුණාත්මක වටිනාකමක් ඇති ස්වල්ප පිරිසට ද සිදු වනුයේ බහුතර කැමැත්ත පරිදි නිෂ්පාදනය වී වෙළඳ පළට පැමිණ ඇති ගුණාත්මක බවින්, ප්‍රමිතියෙන් හා කල් පැවැත්මෙන් හීන වූ භාණ්ඩ හා සේවා මිළඳී ගැනීමටය. 

මේ විවෘත වෙළඳපළ මිළ ක්‍රමය යටතේ විද්‍යමාන වන විශාලතම වූ දුර්වලතාවයකි. මේ යටතේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය පහළ මට්ටමක පැවතීම මිම්මක් වශයෙන් ඒ නිෂ්පාදනය වන රට පිළිබඳව තක්සේරුවක් කිරීමට භාවිතා කළහොත් නිෂ්පාදන ප්‍රමිතිය පහළ මට්ටමක පවත්වා ගැනීම එරටේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වලට ඇති ඉල්ලුම පහළයාමට හේතුවක් වන බව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් වගකිව යුතු අංශවල ඇත්තන්ට නොමැති වීම ද අවාසනාවකි. 

ලෝකයේ දියුණු රටවල විවිධ වෙළඳ සන්නාම නාමවලට හිමිව තිබෙන උසස් පිළිගැනීම එවැනි රටවල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රබල හේතුවක් වී තිබේ. 

මේ හේතුව මත අප කළ යුත්තේ සැබවින්ම ලෝකයේ ඉහළ ප්‍රමිතියක ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදන අප වැනි රටවලට පැමිණීම වාරණයට ලක් කිරීම නොව ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතියට සමාන උසස් ඉහළ ප්‍රමිතියකින් අප රටතුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදන බිහි කරවීමට අවශ්‍ය තාක්ෂණික, මුල්‍යමය ආදී අංශවලින් අවශ්‍ය ආධාර උපකාර ලබාදීමය. 

තරඟකාරීත්වය තුළින් වඩාත් උසස් ප්‍රමිතියක ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදන බිහි කිරීමට දිරි ගැන්විය හැක්කේ එවැනි උපක්‍රම අනුගමනය කිරීමෙන් පමණකි.

මගේ බ්ලොග් එකට ප්‍රතිචාර දමපු කැලුම් ප්‍රභාෂ්වර කියලා අය්යා කෙනෙක් මට ලියලා එවපු දීර්ඝ කමෙන්ටුවක් බ්ලොග් ලිපියක් විදිහට මම මෙහෙම පළ කලා....!!!!

සුමුදු කාංචන අය්යගේ දීර්ඝ ප්‍රතිචාරය මම බ්ලොග් ලිපියක් වශයෙන් මගේ බ්ලොග් එකේ පළ කලාම ඒකට කැලුම් ප්‍රභාෂ්වර නැමැති තවත් අය්යා කෙනෙක් දීර්ඝව ප්‍රතිචාරයක් දාලා තිබ්බා. මෙන්න මෙහෙම.

අනේ මම නම් පුංචි කෙල්ලෙක්. මට නම් මේකේ තියෙන ගොඩාක් ගැඹුරු අදහස් ටික එක පාරටම තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ වුනාට මට හිතෙනවා මේ බ්ලොග් එක කියවන අය්යලා අක්කලාට මේවා හුඟක් ප්‍රයෝජනවත් වේවි කියලා.

මම බ්ලොග් ලිපියක් වශයෙන් මේක මෙහෙම පළ කරන්න හිතුවෙත් ඒ නිසාමයි. අනික අපරාධ මනෝ විද්‍යාව කියන විෂය තවමත් හුඟක් දෙනෙකුට ආගන්තුකයි අපේ රටේ. විශ්වවිද්‍යාලවල සමාජයීය විද්‍යා අධ්‍යනාංශවල අපරාධ විද්‍යාව කියන විෂය යටතේ මෙහෙම කරුණු ගැඹුරින් ඉගැන්වෙනවා. ඒ හැරුණු විට අපරාධ මනෝ විද්‍යාව කියලා මනෝ වෛද්‍ය විද්‍යවේම වෙනම ඒකකයක් වශයෙන් ගැඹුරින් අධ්‍යාපනය ලැබිය හැකි ඉඩ ප්‍රස්තාවන් බොහෝම දුර්ලබයි.

මම ඒ හේතුව නිසාම මෙහෙම මේ ලිපිය ඔයගොල්ලන්ට කියවන්න පහසුවෙන්න වෙනම බ්ලොග් ලිපියක් වශයෙන් දැම්මා. මතක තියා ගන්න මේ ලිපිය ලියලා තියෙන්නේ කැලුම් ප්‍රභාත් කියලා අය්යා කෙනෙක්. මේ ප්‍රතිචාරය අනුව මට හිතෙන්නේ මේ අයියා බොහෝම ගැඹුරු උගත්කමක් තියෙන අය්යා කෙනෙක් වගෙයි. සමහරවිට මහාචාර්යවරයෙක් ද විය හැකියි.



"................ඇත්තටම අංජලිකා පුංචි නංගියා හරිම ලස්සනට මේ බ්ලොග් එක කරගෙන යනවා. මම ගොඩාක් කැමති පුංචි නංගියාගේ රචනා ශෛලියට.

හරිම වැදගත්කමක්.ලස්සනයි සරළ බවක් ඒ රචනා ශෛලියෙහි ගැබ්වෙලා තියෙනවා කියලා මට නම් හිතෙනවා.

මම ගොඩාක් කැමති වැදගත් විදිහට හැසිරෙන ලියන හිතන ක්‍රියා කරන අයටයි. මොකද අපේ සමාජයේ මේ තරමට ප්‍රශ්න ගැටළු අර්බුද උත්සන්න වෙලා තියෙන්නේ මම හිතන්නේ අපි අතර ඉන්න ටික දෙනා එහෙම කරන්නේ නැතිකම නිසා කියලයි..

නමුත් ලස්සන වචන කතා කරනවා නම් අනුන්ට අපි ගෞරව කරලා ආමන්ත්‍රණය කරනවා නම් අපිටත් මුළු ලෝකයාගෙන්ම පැසසුම, ගෞරවය, කීර්තියා ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුලුවන්.

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම මාර්ගය අනුවත් ඒක සත්‍යයක්. ලොකේ හොඳ කරන කෙනෙකුට කවදාවත්ම වරදින්නේ නැහැ. ඒ වගේම නරක කරන කෙනෙකුට හැමදාමත් හරියන්නේත් නැහැ.

බොරුවට හොඳයි වගේ මතුපිටින් පෙන්නලා යටින් දිය යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩ කරන සමහරුන්ට නම් වරදින්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේ නරක ගැහැණු හා මිනිස්සු අපේ සමාජයේ හරියට දැන් බෝවෙලා ඉන්නවා ඩෙංගු මඳුරු කීටයෝ වඟේ වඳ කරන්න බැහැ ආයිමත් බෝ වෙනවා...

ගුණ ධර්ම, සාරධර්ම කියන ඒවා මිනිස්සුන්ට බලහත්කාරයෙන් පුරුදු පුහුණු කරන්න බැහැ පුංචි නංගියෝ. ඒවා පරම්පරාවෙන්, දෙමව්පිය දෙදෙනාගේ ජාන ශක්තියෙන්, ආරයෙන්, ආවේණියෙන්, ප්‍රවේණියෙන්,
පුරුදු කිරීමෙන්, සංසාරගත වාසනා ශක්තියෙන්, පරිසරයෙන්, සෘත පහසුකම් ලැබීමෙන් හා ජීව විද්‍යාත්මක පසුබිම මත ආදී විවිධ දේවල් බලපෑම නිසා මිනිස්සු හා ගැහැණු එකිනෙවාට වෙනස් ගුණධර්ම හා සාරධර්ම සහිත අය වෙනවා..


 මම දකින වැදගත්ම කාරණය නම් මිනිස්සු හා ගැහැණු මෙහෙම එකිනෙකාට වෙනස් අය හැටියට මේ සමාජයේ ඉපදිලා ජීවත් වෙන කෙටි කාලේදී ඔවුන් එකිනෙකා අතර සහයෝගයෙන් ජීවත්වන ආකාරයයි.

පොදු සම්මුතීන් වලදී නම් කොයි කවුරුත් මතුපිටින් හරිම ශීලාචාරයි වගේ පෙන්නගෙන හිටියට මොකද රාත්‍රියේදී, පාලු තැනකදී අවස්ථාවක් ලද විගස සමහරුන්ගේ සිත යට සැඟව පවතින නෛසර්ගිය ස්වභාවය ආයෙමත් නැගිටලා මතුවෙනවා..

හිටපු ගමන් හොඳ මිනිස්සු හා හොඳ ගැහැණු හැටියට අනිත් අයගේ විශ්වාසය ගෞරවය දිනා ගෙන හිටපු අය හිටි ගමන් ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අතට වෙනස් ම මුහුණුවරකින් ක්‍රියාකරන ආකාරය දකින්න අහන්න අසන්න ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි..

බටහිර අපරාධ මනෝ විද්‍යාවේ දී (Modern Criminal Psychology) මේ තත්වය ක්ෂණික අපරාධ (Suddenly Criminals ) හැටියට සැලකෙන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රි දූෂණ, ළමා අපචාර, ලිංගික අපයෝජන ආදී බරපතල අති බිහිසුණු අපරාධ කරන මේ ගණයට ගැනෙනවා.

ඇත්තටම මෙවැනි අපරාධකරුවන් අතින් සිදුවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන එකම රැල්ලක් ආකාරයෙන් දකින්න අහන්න සමහරවිට ලැබෙනවා.

මේවාට සම්බන්ධ දරුණූ ගණයෙහි අපරාධකරුවන් අතර මිනීමරුවන්, ලිංගික අපරාධකරුවන් ඉන්නවා. මේ වර්ගයේ මිනීමරුවන් මෙවැනි අපරාධ කිරීමේදී එය අනන්‍යතා ලක්ෂණ සහිතව සිදුවන අපරාධ රැල්ලක් (Serial Criminals) ආකාරයෙන් ඔවුන්ගේ ඝාතන සියල්ලම සිදු කිරීමට ප්‍රයත්න දරනවා.

මෙවැනි මිනීමරුවන් විසින් සිදු කරන ලබන රැල්ලක් ආකාරයෙන් සිදු කරන මිනීමැරුම් මාලාව නිසා මාලා මනුෂ්‍ය ඝාතකයින් (Serial Killers) ලෙස හැදින්වෙනවා.

මෙවැනි මනුෂ්‍ය ඝාතකයින් මෙන්ම සාහසික වර්ගයේ ලිංගික අපරාධකරුවන් ද සිටිනවා.. එවැනි වර්ගයේ ස්ත්‍රී දුෂකයින් මාලා ස්ත්‍රී දුෂකයන් (Serial Rapers) ලෙස හැඳින්වීමට හැකියි.

මතක තබා ගන්න මේ ලිංගික අපරාධකරුවන් දුෂණය කරන්නේ ස්ත්‍රීන් පමණක්ම නොවේ. කුඩා දරුවන් කුඩා දැරියන් වැනි අයත් මෙවැනි ලිංගික අපරාධකරුවන්ගේ පහසු ලිංගික ගොදුරු බවට පත් වෙනවා.

මෙවැනි අය බිහිවීමට බලපාන විවිධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක සාධක අපරාධ මනෝ විද්‍යාවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මොළයේ ඇතිවන විවිධ අසාමාන්‍ය ලක්ෂණ මේවාට ජීව විද්‍යාත්මකව ඉවහල් වන බව මේ සම්බන්ධව සිදු කෙරී ඇති බටහිර මනෝ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවල සඳහන් වෙනවා.

ඇත්තටම අපේ රටේ මෙවැනි අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා ලෝකේ දියුණු රටවල භාවිතා කරන සම්පත් හා පහසුකම් භාවිතා වන්නේ නැහැ.

දැන් දැන් ටිකෙන් ටික ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධනය කිරීම සඳහා ලෝකේ දියුණු රටවල් විසින් භාවිතා කරන ලද තාක්ෂණික ක්‍රම වේද භාවිතා කරනු ලබන නමුත් ඒ රටවල දැන් ලංකාවේ භාවිතා කරනවාට වඩා දියුණූ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරන බව පැවසිය යුතුයි. ඒ නිසා ඒ වාගේ රටවල අපරාධ මර්දනය කිරීමට ලැබෙන අවස්ථා ඉතා ඉහළ බව කියන්නටම ඕනෑ.

නමුත් පුංචි නංගි ලොකේ කොතැන වුනත් කොච්චර තාක්ෂණික පහසුකම් ඉහළ ගියත් අනෙක් ආරක්ෂක උපක්‍රම බහුල වුනත් මිනිස්සු අතින් සිදුවන වැරදි අපරාධ මුලිනුපුටා දැමීමක් නම් සිදුවී නැති බවත් කියන්නම ඕනෑ..

මෙයින් අපට ගත හැකි ආදර්ශය තමයි යම්කිසි වරදක් හෝ අපරාධයක් සිදු වූවාට පස්සේ එය මර්ධනය කිරීමට වෙහෙස වෙනවාට වඩා අපරාධ සිදු කිරීමට ඇති හේතුව සොයා බලා එය වැළැක්විය හැකිනම් එය වඩාත් වැදගත් බවයි..

බුදු දහමේ මුලික සඳහන් වන මූලික ගිහි ජීවිතයෙහි පදනම ලෙස දක්වා ඇති පංච ශීල ප්‍රතිපදාවේ වටිනාකම හා අගය මෙහිදී වඩාත් කැපී පෙනෙනවා.

මොකද පංච ශීල ප්‍රතිපදාවේ සඳහන් ශීල ශික්ෂණය තුලීන් සමාජයතුළ අපරාධ සිදුවීමේ ප්‍රවණතාවය පැහැදිලි ලෙසම අවම මට්ටමකට පත් වෙනවා.

මොකද ඒ ශික්ෂාපද පහ මඟින් නිර්දේශ වී ඇති කරුණූ නිසා තමයි ලොකයෙහි අපරාධ ඇතිවීමට හේතුව ලෙස සඳහන් කළ හැක්කේ. එම නිසා එම සිල්පද පහ නියම ලෙස රැකීමෙන් අපරාධ ඇතිවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැතිවී යන බව ඉතා දැඩි වගකීමකින් ප්‍රකාශ කළ හැකියි.

මේ හේතුව නිසා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මඟින් පවා මෙම පංච ශීල ප්‍රතිපත්තිය ඉතාම වටිනා ලෝකයටම අනුගමනය කිරීමෙන් දැනට වාර්තා ගත වන බිහිසුණු අපරාධ අවම කරගත හැකි වඩාත් සාර්ථක ප්‍රායෝගික ක්‍රමවේදයක් වශයෙන් පිළිගැනී සම්මතව පවතින බව දක්වන්නේ අපේ බුදු දහම කෙරෙහි ඇති කර ගත් නිර්මල බැතියකින් පුංචි නංගි...

ඔයාගේ බ්ලොග් එක ඔයා හරිම ලස්සනට කරගෙන යනවා. තව තවත් ලස්සන ලිපි පල කරලා ඔයාගේ බ්ලොග් එක මුළු ලෝකයටම ගෙන යන්න ඉඩ කඩ ලැබේවා කියලා මුළු හදවතින්ම ඔයාට මම සුබ පතනවා.................."

සුමුදු කාවින්ද නැමැති අය්යාගෙන් ලැබුණූ දීර්ඝ ප්‍රතිචාරය මෙන්න බලන්න...!!!!




 බ්ලොග් එකේ පළවෙලා තිබ්බ ලිපියකට ප්‍රතිචාර වශයෙන් මට සුමුදු කාවින්ද නැමැති අය්යාගෙන් ලැබුණූ දීර්ඝ ප්‍රතිචාරය තවත් බ්ලොග් ලිපියක් වශයෙන් මෙහෙම පළ කරන එක හොඳයි කියලා මට හිතුනු නිසා මම ඒක මෙහෙම පළ කරනවා..





"....ඇත්තටම නංගි මම නම් පළමුවෙනි වතාවට ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ බ්ලොග් සින්ඩියක තිබුණු ලින්ක් එකක් දිගෙ ඇවිල්ලා තමයි ඔයාගේ මේ බ්ලොග් එක හොයා ගත්තේ..

මම මුල ඉඳලාම විවේකයෙන් ඔයා දමපු ලිපි කියවලා බැලුවා. ඔයා හරිම ලස්සනට බුදු දහමේ ගැඹුරු කරුණු කාරණා විස්තර කරලා තිබ්බා. මම හැමවිටකම කැමතියි ඒ වගේ ගැඹුරු මට්ටමේ ලිපි ඔයා අතින් ලිය වෙනවා නම්...

මොකද මමත් පිටරටක අධ්‍යපානය ලබන ලංකාවේ ඉපපදුන අයෙක්. දැන් මම ගොඩාක් කල් වෙනවා මෙහෙට ඇවිල්ලා. අධ්‍යාපන කටයුතු කරන අතර කුඩා රැකියාවක් කරගෙන මෙහෙට වෙලා ඉන්න අතර ලංකාවේ දන්න හිතවතුන් සමඟ අන්තර්ජාලය මඟින් මූණ පොත මඟින් සම්බන්ධ වෙන අතර තමයි අහම්බෙන් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ..

ඉතින් මම ලංකාවේ වෙන අයගේ බ්ලොග් ගැන නම් එච්චර ගොඩාක් විස්තර කියන්න දන්නේන නැහැ. බලපු මුල්ම බ්ලොග් එක ඔයාගේ නිසා.

කොහොම වුනත් ඔයා ඇත්තටම හරිම හොඳට ලස්සනට මේක කරගෙන යනවා කියලා මට නම් අවංකව හිතෙනවා. ඒ වගේම ඔයා ගතින් පුංචි කෙල්ලක් වුනාට හදවත යෝධයෙක් වගේ ලොකුයි කියාල ඔයා කරන ලොකු වැඩ දැක්කම මට නම් හිතෙනවා.

අනේ ඇත්තටම ඔයා වගේ ලොකු වැඩ කරන පුංචි කෙල්ලෝ තව තවත් අපේ රටට වුවමනා කරලා තියෙන මොහොතක් අපි දැන් ගත කරන්නේ.

මම එහෙම කියන්නේ මමත් දැන් ලංකාවෙන් පිට ඉන්න නිසා මට වැඩිපුර ලංකාව ගැන හැඟීමක් තියෙන නිසා. ඇත්තටම ලංකාවෙන් පිට හිටින්නේ ආත්මාර්ථකාමී කම නිසා නෙවෙයි. වැඩිපුර කීයක් හරි හොයා ගන්න තියෙන නිසායි අධ්‍යාපනය ලබන්න සුදුසු සම්පත් මේ වගේ රටවල තියෙන නිසායි...

මම ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට වත් රැකියා ලබාදෙන ක්‍රමයටනත් එහෙම කියලා ගරහන්න කැමති නැහැ. මේ දේශපාලන තට්ටු මාරු ක්‍රමයට ක්‍රියාත්මක වන ලංකාවේ දේශපාලන පකෂ ක්‍රමය ක්‍රියාත්මක වන තුරු ලංකාවට කවදාවත් දියුණු වෙන්න බැහැ කියලා මට හිතෙනවා.

මොකද නූගත් මෝඩ අමන දේශපාලනඥයින් නිසා ලංකාවට සිදු වෙලා තියෙන්නේ අද විශාල නස්පැත්තියක්. මම පිටරටකට වෙලා ඉන්න නිසා මේ රටවල මිනිස්සු ලංකාව ගැන දක්වන ආකල්පය පැහැදිලිව මම දන්න නිසා මම කියන කතාවක් මේක..

පිටරටවල මිනිස්සු ලංකාව ගැන දැන් හිතන්නේ මේක ඉතාම වැඩවසම් නොදියුණු අර්ධ මිල්ටරිකරණය වූනු ආරාජික කිසිම නීතිමය වශයෙන් සුරක්ෂිත බවක් නැති අවතීතිය සල්ලාලයන්ගේ දේශයක් කියලයි. මෙහෙ සුද්දෝ අපි එක්ක ලංකාව ගැන කියද්දී කියන කතාබහ නම් මට මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි පුංචි නංගියෝ..

කොහොම වුනත් ලංකාව පිළිබදව අවංකව හැඟීමක් තියෙන ඔයා වගේ පුංචි නංගිලා ලංකාවේ තව දුරටත් රැඳිලා ඉන්නවාද නැතිනම් දැනටත් ඔයා විදේශගතව ඉඳලා මෙහෙම බ්ලොග් එකක් කරනවාද කියලා මම හරියටම දන්නේ නැහැ.

කොහොම වුනත් ඔයාගේ බ්ලොග් එක මඟින් අප වෙත සන්නිවේදනය කරන ප්‍රබල සංවේදීතාවයේ හැඟීම් බර බවට හදවතින්ම මම හරිම කැමතියි. ඒ වගේම ඔයාගේ බ්ලොග් එකට ලැබෙන පාඨක ප්‍රතිචාර මෙහෙම ඔයා බ්ලොග් ලිපි වශයෙන් පළ කරන එකටත් මම හරිම කැමතියි.

ඒ තුළීන් ඔයා තව තවත් බ්ලොග් ලිපි අදහස් දක්වන අයට ධෛර්ය ලබා දෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම ඔයා ප්‍රතිජන්ත්‍රවාදී අදහස් දැක්වීම් නිදහසට ගරු කරන හොඳ පුංචි නංගියෙක් කියලා මට හිතෙනවා.

ඔයාගේ ඉදිරි ගමනට උණුසුම් සුබ පැතුම් ඉතාම ආදරයෙන් ඔයා වෙත පිරිනමනවා.."

උදේශිකා සඳමාලි බණ්ඩාර අක්කි මගේ බ්ලොග් එකේ දාලා තිබ්බ අදහස මෙන්න මෙහෙම මම බ්ලොග් ලිපියක් වශයෙන් දැම්මා...

 මගේ බ්ලොග් එකට ආපු අක්කි කෙනෙක් මේ විදිහට හරිම ලස්සන කමෙන්ට් එකක් මට දාලා ගිහිල්ලා තිබුණා. ඉතින් ඒක හරිම ලස්සනයි කියලා මට හිතුනු නිසා මම ඒක මෙහෙම බ්ලොග් ලිපියක් විදිහට පල කරන්න හිතුවා..

මේ එක්කම පහත පළ වෙන්නේ ඒ දීර්ඝ කමෙන්ට් එකයි.. බලන්න කොච්චර ලස්සන අදහසක්ද ඒ අක්කි දාලා ගිහිල්ලා තියෙන්නේ කියලා...


" ...අංජලිකා නංගි ඔයා ඔයාගේ බ්ලොග් එක හරිම ලස්සනට කරගෙන යනවා. මම ඔයාට මුළු හදවතින්ම සුබ පතන්න කැමතියි.

ලංකාවේ සමාජයේ එක එක විදිහේ පුද්ගලයින් ඉන්නවා. නූගත් අය, O/L, A/L, Under Graduate, Graduate, Post Graduate මට්ටමේ අධ්‍යාපන මට්ටම්වල අය ලංකාවේ ඉන්නවා. මේ අය මේ පවතින සමාජ ස්ථරයකට ම අයත් අය.

ඒ අයගේ මානසික මට්ටම අපට හදන්න බැහැ. එයාලා උපතින් ගෙනාපු අම්මලා තාත්තලගේ ජන වල පවතින දුබලතා අපට හැදිය නොහැකියි.

මේ අතර පෙර ආත්මවල මළ ප්‍රේත ආත්මවල ඉඳලා එන අය, මළ යක්ෂ ආත්ම වල ඉඳලා එන අය, සත්ව යෝනිවල ඉඳලා එන අය ඉන්නවා.

ඒ වගේම දෙවි දේවතාවුන් වැනි උසස් ආත්ම භාවවල ඉඳලා එන අයත් සුලු වශයෙන් ඉන්නවා. නමුත් දැන් ලංකාවේ ගොඩාක්ම ඉන්නේ ඉස්සෙල්ලා ආත්මවල සත්තු, ප්‍රේත ආත්මවල යක්ෂ ආත්මවල ඉඳලා ආපු අය බව ලංකාවේ මේ කාලේ සිදුවන දේවල් දැක්කම වටහා ගන්න පුලුවන් ඕනම කෙනෙකුට.

පුංචි දැරිවියක් දැක්ක ගමන් කාම යක්ෂයාගේ බලපෑමට අහුවෙලා ඒ දැරිවිට ලිංගික අතරවර කරලා මරලා දාන්න තරම් තිරිසන් මානසික මට්ටමක ඉන්න අය අද ලංකාවේ වැඩිවෙලා ඉන්නේ මේ හේතුව නිසායි.

ඉතින් ඒ වගේ අය බහුලව ඉන්න වටාපිටාවක ඔයාගේ බ්ලොග් එකටත් එවැනි අය එන්න තියෙන සම්භාවිතාව වැඩියි..

අනික ගුගල් සමාගමට වත් බ්ලොගර් වලට වත් ගතිගුණ මත අන්තර්ජාලය පරිහරණය කරන අය පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකියි. මුදල් ගෙවා අන්තර්ජාල පරිහරණයක් මිලඳී ගන්න ඕනෑම කෙනෙකුට අන්තර්ජාල පහසුකම් ලබෙනවා.

මේ අතර විවිධ දේශපාලන පක්ෂවල මෙහෙයවීම මත නොමිලයේ ලබා දුන් ඩොන්ගල් උපකාරයෙන් අන්තර්ජාලය භාවිතා කර පුද්ගලියන්ට හා පක්ෂවලට ප්‍රසිද්ධියේ මඩ ගහන අයත් ඉන්නවා...

කොහොම වුනත් අද ලංකාවේ සමාජය පත්ව ඇති මඩ ගොහොරුවේ තරම තේරුම් ගන්න ඔයාගේ බ්ලොග් එකට ඇනෝ ඇවිල්ලා අසභ්‍ය කමෙන්ට් දාන පුද්ගලයින්ගේ චරියාව නිර්ණායකයක් ලෙසට ගත හැකියි.

එවැනි අය ලංකාවේ සමාජ මට්ටම තේරුම් ගන්න පිටරටවල අයට පවා අවස්ථාවක් හදලා දීලා තියෙනවා එයාලගේ මන්ද බුද්ධික හැසිරීම් හරහා. සංචාරකයින් ලෙස මෙරටට පැමිණෙන විදේහික කාන්තාවන් බහුල වශයෙන් දුෂණය කරන්න පෙළඹීලා ඉන්නෙත් මෙවැනි අපගාමී මානසික මට්ටමක බහුල ප්‍රජාවක් මෙරට තුළ ජීවත්වන නිසා බව වටහා ගන්න විදේශරටවලට පවා මේඅය නිදර්ශන සපයලා දීලා තියෙනවා.

මේ යටතේ ජිනීවා ප්‍රශ්නයේදී වර්තමාන රජය අහසුතාවයට පත් කරවන්න මූලික වශයෙන්ම විශාල අනුබලයක් ලබා දෙන්නේ මෙවැනි අසංවර හැසිරීම් ස්වභාවයක් මතුපිටින් ප්‍රදර්ශනය කරන මෙරට සිටින උමතු පුද්ගලයින් බවත් සිහිපත් කරවා දෙන්න කැමතියි....."

Friday, February 7, 2014

මගේ බ්ලොග් එකට ඇනෝ ඇවිල්ලා අසභ්‍ය දේ කමෙන්ට් කරන පුද්ගලයාට ඉතාම සෙනෙහසින් කියන වග නම් ......

දේවාල භූමියක් වගේ මම පවත්වාගෙන එන මගේ බ්ලොග් අඩවියට පාරෙ දඩාවතේ යන බල්ලෝ බැල්ලියෝ අනෝ ඇවිල්ලා අසූචි කරන්න ඇවිල්ලා තිබුණු නිසා මම ඇනෝ විදිහට කමෙන්ට් කරන්න දීලා තිබුණු වරප්‍රසාදය ඉවත් කරලා තිබ්බා. ඊට පස්සේ මම කෙමන්ට් කරන්න ඒන අය ගැන හිතලා අනෝ කමෙන්ට් දාන්න තියෙන ඉඩකඩ අහුරලා තිබීමේ ක්‍රමය ඉවත් කලා. එහෙම කලේ හොඳ අයට ඒක තරමක හිරිහැරයක් වෙලා තිබුනු බව දැක්ක නිසය. ඒ වුනාට ඇනෝ කමෙන්ට් එක ඉවත් කරලා තත්පරයක් වත් ගත වෙන්න අවකාශයක් ලැබුනේ නැහැ. අනෝ කමෙන්ට් පිළීකාවක් වගේ බ්ලොග් එක පුරාම ව්‍යාප්ත වෙලා ගියේ අසුරු ගසන නිමේශයකින්. ඒ එක්කම කුණු හරප ඒ ඇනෝ කමෙන්ට් දාපු මෝඩයා එයාගේ නියම නමින් ඇවිත් කමෙන්ට් එකක් දාලා අපිට හීතල තර්ජනයක් කරලා ගිහිල්ලා තිබ්බේ අපි එයාව දැන හඳුනන්නේ නැහැ කියලා හිතාගෙන වෙන්න ඇති. තනියම ඔය වගේ පොඩි විනෝදයක් ලබා ගත්තට නම් අපට කමක් නැහැ.. ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා ඇති තරම් කුණු හරුප කමෙන්ට් කරගන්න. අපිට ඒ වගේ කුණු හරුප කියවලා අලුතින් ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. කුණු හරුප කියන්නේ මොනවද? ඒවාවලින් කිය වෙන්නේ මොනවද කියලා මම හිතන්නේ පුංචි පුංචි ලමයෙක් වත් අපේ රටේ නොදන්නවා ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. මේ වෙද්දී ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම කුණු හරුප කියන දේ හොඳට අහලා පුරුදුයි. ඉතින් ඒවා ආයිමත් මේ බ්ලොග් වල දැම්මා කියලා ඔයාටවත් මටවත් වෙන සුගතියක් වත් අගතියක් වත් නැහැ. මට නම් ඒවා නිකම්ම නිකම් මෝඩ ගොන් පාට් විතරමයි...

වැසිකිලි බිත්තිවල කුණු හරුප ලියලා තියෙනවා ඔයා දැකලා තියෙනව ඇති ඕන පදම්. ඒවා ලියන්නේත් ඔයා වගේ මානසිකත්වයක ඉන්න උදවියමයි. සමහරු ඉන්නවා හිත යට තෙරපෙන අසහනකාරී ලිංගික ආවේගයන් මුදාහැරිය නොහැකිව ඒවා හිත යට තද කරගෙන තෙරපාගෙන මානසික පීඩනයකින් ජීවත් වෙවී ඉන්නවා. කෙල්ලෙක්ගේ බ්ලොග් එකක් දැක්ක හැටියේ ඒකට කුණු හරුප කමෙන්ට් කරලා මානසික තෘප්තියක් ලබා ගන්න හදන ඔයා වගේ මානසික රෝගීන් අනන්තවත් මම දැකලා අහලා තියෙනවා. අපේ රටේ එවැනි ලෙඩ්ඩු බොහෝමයක් ඉන්නවා. මේකට බුදු දහමවත් බෞද්ධ සංස්කෘතියවත් පළි නැහැ. මේ විදිහේ පුද්ගලයෝ මේ ලෝකේට බිහි වෙලා ඉන්න එකට බුදු හාමුදුරුවෝ වත් වෙනත් ආගමික ශාස්තෘවරුන්වහන්සේලාවත් පළි නැහැ. සමහර මේ වගේ විකෘති මානසික රෝගීන් ආගමික ශාස්තෘවරුන් වහන්සේලා මුල් කරගෙනත් මේ වගේ ලිංගික ප්‍රකාශන නිර්මාණ වශයෙන් හෝ ප්‍රකාශයට පත් කරවපු අවස්ථා අපමණව ජාත්‍යන්තර වශයෙන් අපි දැකලා තියෙනවා. ආගමික ශාස්තෘන්වහන්සේලා වැනි උතුම් අයගේ පෞද්ගලික ලිංගික ජීවිතය පවා උලුප්පලා අරගෙන නොයෙක් විදිහේ විකෘති මානසික ලිංගික තෘප්තියක් ලැබීමට මනස හුරු කරගත් අයත් මේ ලෝකේ අනන්ත අප්‍රමාණ වශයෙන් ඉන්න බව විදේශීය රටවල පවා බහුලව ප්‍රකාශයට පත්වන ප්‍රකාශන මඟින් දැකගත හැකියි. ඩාවින්සි කෝඩ් වැනි කෘති මේ සඳහා අගනා නිදසුන් වේ.

ජාත්‍යන්තර ලෝකය අතැඹුලක් ලෙස ප්‍රත්‍යක්ෂ කරපු, හැම විටක දීම ජාත්‍යන්තර භාෂා, ජාත්‍යන්තර ආගමික මතවාද පිළිබඳව තුලනාත්මකව දකින්න පුලුවන් වුන කෙනෙකුට ඔයා වගේ පහත්ම ගණයෙහි ක්ෂද්‍ර ජීවියෙකු මොන තරම් පුංචියට පෙනෙනවද කියලා ඔයා දන්නවා නම් ඔයා එළියට වත් බහින්නේ නැතුව ලැජ්ජාවෙන් හැංගෙනවා මම හොඳින්ම දන්නවා.. නමුත් ළිං මැඬියන් වගේ අපේ රටේ ජීවත්වන ඔයා වගේ කොටසකට එවැනි දේවල් දැක බලා අසා කියවා ගන්නට පහසුකම් නැතිකම නිසාම ළිං මැඬියන් ලෙස ඔවැනි දේ කරමින් ජීවත් වීමට පුරුදු වීම පිලිබඳව මේ බ්ලොග් එක කියවන හැමෝම ඔහෙට අනුකම් කරාවී. කුඩා දරුවන් මළපහ කරමින් ඇතැම් විට කටේ දමාගෙන සූප්පු කරනවා ඔබ දැක ඇති. ඔබ කරන්නේ ද ඊට සමාන ක්‍රියාවක් බව කණගාටුවෙන් වුවද ඔබට දැනුම් දෙන්නේ ඔබ කෙරෙහි ඇති කෝපයකින් හෝ ක්‍රෝධයකින් කියලා නම් අබමල් රේණුවක් තරමට වත් හිතන්න එපා...ඔබ කුණ හරුප ලියන්න ඔපමණ ආශා නම් එය එක්කෝ ඔබේ බ්ලොග් එකේ නාමිකව ලියා ගන්න. මම එවැනි දේවල් මගේ බ්ලොග් එකේ සිදු වෙනවාට කැමති නැහැ. අනික ඒවා දිහා බලමින් ඔහේ වගේ විකෘති කාමුක ආශ්වාදයක් මට ලබන්න කිසිසේත්ම අවශ්‍යත් නැහැ. එවැනි හැඟීම් සමබර මානසික පසුබිමක ජීවත් වන මා වගේ අයට ඇති වෙන්නේ ත් නැති බව ඔයාලා වගේ විකෘති කාමුකයින් උත්මත්තකයින් දන්නේ නැහැ. උත්මත්තකයින් සිතන්නේ තමන්ට හිතෙන හැම පිස්සු සිතිවිල්ලක්ම අනික් අයටත් ඒ විදිහටම ඇතැයි කියලයි. පිස්සු හැදුන බවේලක්ෂණයක් තමයි තමන් කරන දේවල්වල චෝදනාව නිතරම අනුන් පිට මතම පැටවීම. රටක මානව පජාවගෙන් බහුතරය ඔබ වැනි මානසික රෝගීන්වීම නම් එතරම්ම හොඳ පුවතක් වෙන්නේ නැහැ.

Thursday, February 6, 2014

මගේ බ්ලොග් එකට එන මිත්‍රශීලී ඔයාලාව මම ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් පිළි අරගන්නවා...!!!!

හැමෝම අගය කරන චරිතයක් වෙන්න. හැමෝම වෛර කරන චරිතයක් වෙන්න එපා. ඒ වගේම හැමෝටම ඔලුව නවන්නත් එපා. හැමෝටම ගරු කළ යුතු යැයි හිතලා දකින දකින කෙනාට ඔලුව නවලා පහත් කරන්න ගියහම ගෝනි නැතුවම කරේ යන්න කට්ටිය ඒවි. හොද පාරේ යද්දී හොඳ අය ආශිර්වාද කරනවා. නරක අය බල්ලෝ වගේ හපා කන්න බුරාගෙන පනිනවා. නරන පාරේ යද්දී නරක අය ආශිර්වාද කරනවා. හොඳ අය එයාව විවේචනය කරනවා. වැරදි පෙන්නලා දෙනවා. ඒ සීමාව දැනගන්න පුංචි කෙල්ලෙක් හැම විටකදීම බුද්ධිමත් විය යුතුයි. මා සතුව පුංචි කෙල්ලක් වශයෙන් ඒ බුද්ධිය මගේ අම්මාගෙන් සහ අප්පච්චිගෙන් අවශ්‍ය ප්‍රමාණයට මට ලැබිලා තියෙනවා. හොඳ හොඳ වශයෙන් සහ නරක නරක වශයෙන් දකින්න තරම් අවබෝධයක් සිහි කල්පනාවක් දැනුමක් බුද්ධියක් ප්‍රඥාවක් මට ලැබිලා තියෙනවා උපතින්ම. මම යහපත් ගුරුවරුන් ඇසුරෙහි, යහපත් යෙහෙළියන් ඇසුරෙහි, යහපත් දෙමව්පියන් ඇසුරෙහි යහපත් මිනිසුන් හා ගැහැණුන් ඇසුරෙහි මේ හොඳ ගුණධර්ම වඩ වඩාත් ප්‍රගුණ කරලා දියුණු කලා. ඒ හේතුව නිසා මට ඉතාම පහසුවෙන් හොඳ මිනිසුන් හා ගැහැණුන්ද නරක මිනිසුන් හා නරක ගැහැණුන්ද පහසුවෙන් වෙන් කරලා හඳුනා ගන්න පුලුවන් ඔවුන් මතුපිටින් කුමන වේශයකින් කුමන ස්වරූපයකින් සිටියත්..


අනුන්ට උදව් උපකාර කරන්න ලෑස්ති හොඳ මිනිස්සු හා ගැහැණු මේ ලොකේ ඉන්නවා. ඒ වගේම අනුන් හරිම අමාරුවෙන් යම් කිසි තැනකට ළඟා වෙද්දී පයින් පාගලා කකුල් මාට්ටු දාලා වට්ටවලා පස්ස බිම අන්නලා සතුටු වෙන කට්ටියකුත් ඉන්නවා. අනුන් දියුණු වෙද්දී උදව් උපකාර කරන මිනිස්සු හා ගැහැණු හරියට මනුස්ස ලෝකේ ඉන්න දෙවිවරුන් දේවතාවියන් වගේ. ඒ වගේම අනුන්ව පයින් පාගලා බිම දාලා විනාශ කරලා දාලා සතුටු වෙන මිනිස්සු හා ගැහැණු හරියට මනුස්ස ලෝකේ ඉන්න යම පල්ලෝ හා යම පල්ලියෝ වගේ. මිත්‍රශීලී මිහිරි වචන හොඳ මිනිස්සුන්ගේ හොඳ ගැහැණුන්ගේ ආයුධ. කණට යවුල් අනින්නාක් වගේ අසභ්‍ය නරක පරුෂ වචන නරක මිනිස්සුන්ගේ හා නරක ගැහැණුන්ගේ ආයුධ. මේ හොඳ හා නරක අය දෙගොල්ලම තම තමන්ගේ ආයුධ මේ සමාජය තුළ විවිධ ආකාරයට විවිධ ස්ථානවලදී භාවිතා කරනවා. මේ දෙගොල්ලම මට මගේ බ්ලොග් එකේදී හමු වෙනවා. මම ඒ දෙගොල්ලෝම වෙන වෙනම හඳුනන නිසා මට කිසිම ගැටළුක් නැහැ. මම එයාලා තියන්න ඕන නියම තැන තියලා තියෙන්නේ. හොඳ අයට මම ධනාත්මක අභිප්‍රේරණ ලබා දීලා ධෛර්යමත් කරවන අතර නරක අයට සෘණාත්මක අභිප්‍රේරණ දීලා අධෛර්යමත් කරනවනවා. සමහරු මේ ස්වරූප දෙක මාරු කරගෙන එන වෙලාවල් තියෙනවා. නමුත් මාව රවට්ටන්න එහෙම එයාලා හිතනවා වගේ බැහැ. මට හුඟක් කලින්ම මිනිස්සු ගැහැණු ක්ෂණිකව ඉතාම පහසුවෙන් වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා උපතින්ම ගෙනැල්ලා. ඒක භාවිතා වන්නේ පොදුවේ හැමෝගේම යහපතට පමණයි.

Wednesday, February 5, 2014

මගේ බ්ලොග් එකට ගොඩ වදින ඔයාලා හැමෝටම ආදරයෙන් හා සෙනෙහසින්...

මම හරිම අහිංසක පුංචි කෙල්ලක්. මම බ්ලොග් ලෝකයට ඇවිල්ලා තවම දින කීපයයි. නමුත් මේ දින කීපයේ දී මම අවුරුදු ගාණක අත්දැකීම් ලැබුවා වගෙයි මට නම් දැනෙන්නේ. මම මහා විසාල ගෑනියෙක් නම් නෙවෙයි. සමනල කුමාරියක් වගේම අහිංසක පිවිතුරු නිර්මල හදවතක් තියෙන පුංචිම පුංචි කෙල්ලෙක්. කවුරු හරි හිත රිද්දුවාම හොඳටම දෑස් රතුවන තුරු ඇසින් කඳුළු ගලන තුරු අඬන චරිතයක්. ඒ බව දන්නා අය මගේ හිත රිදෙන්න පුංචිම පුංචි දෙයක් වත් කවදාවත් කියලා නැහැ. කියන්නෙත් නැහැ. ඒ වුනාට මම බ්ලොග් ලෝකයට ඇවිල්ලා ගත වුනු දින කීපයේ දී මම මහ ලොකු ගෑනියෙක් වත් අහන්නේ නැති තරම් මහා විසාල බැනුම් කන්දරාවක් ඇහුවා. පුදුම තරම් නව නිග්‍රහවල් රාසියක් ලැබුවා. අනේ අපේ බ්ලොග් ලොකේ මේ තරම් දුප්පත් ද කියලා මට හිතුනා.. මම මගේ මුකුත්ම කර කියා ගන්න බැරි අහිංසක අසරණ පුංචි කෙල්ලෙකුට කොයි තරම් නිර්දය විදිහට කොයි තරම් පහත් විදිහට මානසිකව පහර ගහනවද කියලා මට හිතුනා. බැරි වෙලා වත් මේ වගේ අයට මා පුංචි කෙල්ලක් නෙවෙයි වයසින් වැඩිහිටි කෙනෙක් මහ රෑක පාලු පාරක බස් එකකදී හම්බ වුනොත් මෙයාලා ඒ ගැහැණු කෙනොට මොනවා නොකරයිද කියලා මට හිතුනා. තමන්ගේ පහත් අධම කුරිරු ආශාවල් යටි සිතේ තෙරපාගෙන මතුපිටින් සිල් රෙදි පොරවා ගෙන වැදගතුන් ලෙස පෙනී හිඳීන චෞරයන්ගේ අසික්කිත හිත මම හොඳින්ම දැක්කා.

මේ නිර්වචනයට ගැහැණු පිරිමි කිසිදු භේදයකින් තොරව සියලු දෙනාම ඇතුලත්. තොප්පිය හරි නම් කරුණා කරලා දා ගන්න... මම හැමෝටම කියන්නේ එහෙම. මම හිතුනේ මිනිසුන්ට ගැහැනුන්ට ස්වං විනයක් ඇතැයි කියලා. මම පොලිස්කාරයෙක් මුරට තිබ්බේ නැහැ. ඒත් මෙතන ඉඳලා එහෙම නැහැ. ඔයාලා සංවරවන තෙක් මම පොලිස් කාරයෙක් මුරට තියලා තියෙනවා. මේකට අසභ්‍ය නරක කමෙන්ට් කරද්දී එක පාරක් දෙපාරක් තුන්පාරක් නෙවෙයි කීප විටක් හිතන්න. මේ සමාජයේ කවුරුවත් කුණු හරුප අහපු නැති කෙනෙක් නැහැ. පාරේ වතුර පයිප්පයක් අසලින් යද්දී ඕන තරම් කුණු හරුප අහන්න පුලුවන්. ඒක නිසා මෙහෙම ඒවා බ්ලොග් එකක දැම්මා කියලා ඔබට වත් මට වත් කිසිම වැඩක් නැහැ. කරුණාකරලා ඵලක් ඇති දෙයක් කමෙන්ට් කරන්න. ඔබ මොන නමකින් ඇවිල්ලා කමෙන්ට් කළත් ඔබ දාන කමෙන්ට් එකෙන් ඔබේ මොළයේ තරම ප්‍රකාශ වන බැවින් පරෙස්සම් වෙන්න.. ඇනෝ ආවට ඔබ හැමෝවම මම හොඳින්ම හඳුනනවා. මම නම් කියලා මිනිස්සුන්ට ගැහැනුන්ට අපහාස කරන්න කැමති නැහැ සමහරුන් වගේ. ඒවා ඒ අයගේ සදාචාරය. මේ මගේ සදාචාරය. මට මගේ විදිහ හොඳයි. එයාලා කැමති දේවල් එයාලා කරද්දෙන්. හැමෝම මැරෙද්දි මේ මුකුත් ගෙනියන්නේ නැහැ. ජීවිතය ඉතාම කෙටි දෙයක්. ජීවත් වන සුලු කාලයක මැරෙන බව දැනගෙන නොමැරෙන මිනිසුන් හා ගැහැනුන් විදිහට ජීවත් නොවී තමන්ට වගේම අනුන්ටත් ආත්ම ගෞරවයක් තියනවා කියලා හිතට අරගෙන තමන්ට වගේම අනුන්ටත් ප්‍රයෝජනවත් දේවල් පමණක්ම කරන්න බලන්න..

හිතන්න එපා ඔයාලා කියන කරන දේවල්වලින් මගේ හිත රිදිලා. මට කේන්ති ගිහිල්ලා නැතිනම් මම කළකිරිලා කියලා.. එහෙම කළකිරවන්න සමහරුන්ට නම් හොඳටම වුවමනාව තිබ්බා කියලා මමත් දැක්කා. මම හොඳට විමසිල්ලෙන් බලාගෙන හිටියේ. කවුරු කවුරුත් රෙදි ගලවගෙන් නිරුවතින් රැඟුවා.. ඒ රෙදි ගලවපු මිනිස්සු කව්ද කියලා හැමෝම හඳුනන නිසා තව තවත් එයාලට අපහාස කරන්න මම කැමති නැහැ. අනික මට කමෙන්ට් කරන අයගේ ගැහැණු පිරිමි බව ලිංග භේදය නෙවෙයි මම බලන්නේ. ඒ පුද්ගලයා කොයි තරම් සංවරව, කාරුණිකව, සංවේදීව වැදගත් අදහසක් දාලා තියෙනවාද කියලා තමයි මම බලන්නේ. එහෙම නොවන සෑම කමෙන්ට් එකක්ම මෙතැන් සිට මම මකලා දානවා.. එතකොට ඔයාලා මහන්සි වෙලා අර වගේ නරක කමෙන්ට් එක්ක දැම්මට වැඩක් නැති වේවි. බලන්න. පහුගිය ටිකේ එහෙම නරක අය දාපු කමෙන්ට් ටික මම සලකුණක් වත් ඉතිරි නොවෙන්න මකලා දැම්මා..

සමහරු මගේ බ්ලොග් එකට ඇවිල්ලා IP ගැන මගෙන් ටියුෂන් ගන්න අහලා තිබ්බා. මම සමහරු වගේ ඔලුබක්කෝ සෙල්ලම් නොකළට අලුත් තාක්ෂණය ගැන ඔයාලා නොදන්න හැම දෙයක්ම වගේ හොඳට දන්නවා. සමහරු දන්නවට වඩා දන්න බව පෙන්නනවා. සමහරු දන්න තරමින් උකුණු කෙස් ගහක පමණ වත් පෙන්නන්නේ නැහැ. මම අයිති වෙන්නේ දන්න දේවල් සේරම ප්‍රදර්ශනය නොකරන අය අයිති ගොඩට. ඉස්සර පිරිමි තමයි විද්‍යාව හා තාක්ෂණයට ඉදිරියෙන් ම හිටියේ. නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. දැන් ගැහැනු අය අතර තමයි ඒ සඳහා විශේෂඥතාවය වැඩි අය බහුලව ඉන්නේ. මේ පුංචි කෙල්ල අයිති වෙන්නෙත් ඒ බහුතරය අතරටම තමයි. ඒත් ඒ දියුණු තාක්ෂණයට වඩා මම ගරු කරන්නේ හෘද ශාක්ෂිය තුළීන් මතුවන උතුම් මනුෂ්‍යත්වයට. දැනුමට, බුද්ධියට වඩා ප්‍රඥාව ඉහළයි. බෞද්ධ සංස්කෘතික පරිසරය තුළ හැඳී වැඩී වෙසෙන අපි හැමෝම දැනුමට, බුද්ධියට වඩා ප්‍රඥාවට ගරු කරනවා. ප්‍රඥාව උපදින්නේ ගුණධර්ම වැඩිදියුණු කිරීම තුළීන් පමණයි.  අවුල් වූ මනසින් රාග, දෝස හා මෝහ මුලයන්ගෙන් විපරිත වූ සිත් ඇතිව කැලෑ සතුන් අමනුස්සයින් මෙන් දැඟලුවාට, භෞතික දේවල් පුරවා ගොඩ ගසා ගත්තාට පුද්ගලයෙක් ගුණවතෙක් හෝ ගුණවතියක් වෙන්නේ නැති බවත් මතක තියා ගන්න..

Monday, February 3, 2014

අනේ අය්යේ අක්කේ..ඔයාලාගේ සෙනෙහස ආදරය රැකවරණය මට ඉදිරියටත් ඕනිමයි....!!!!

මම සංවේදී අවිහිංසක පුංචි කෙල්ලකි. කෙතරම් සංවේදී දැයි කිවහොත් අධි සංවේදීය. මට කෙනෙකුට දුකක් කරදරයක් ඇති වෙනවා බලා සිටීමට නොහැකිය. මගේ සුවිශේෂී මේ චරිත ලක්ෂණය නිසා මට අපහසුතාවයන් ඇති වාර එකක්, දෙකක්, තුනක්, හතරක්, පහක් නොව ඊටත් වැඩි වාර ගණනකි. ඒ හැම අවස්ථාවක දීම මට හිතුනේ අනේ මේ හේතුව නිසා මම අපහසුතාවයට පත් වෙන්නේ ඇයි ද යන්නයි. ඇයි මටත්අනිත් කෙල්ලෝ වගේ හිතන්න බැරි..? ඇයි මටත් අනිත් කෙල්ලෝ වගේ කට්ට වෙන්න..? ඇයි බැරි මටත් අනිත් කෙල්ලෝ වගේ තරහින් හිතන්න. ඇයි බැරි මටත් අනිත් කෙල්ලෝ වගේ අනුන්ගේ කේලාම් ඕපාදූප තැන තැන කියවා කියවා ඇවිද ඇවිද යන්න. ඉතාම හොඳ යෙහෙළියන්ගේ ඇද කුද තවත් අයට කියලා එයාලා තරහා කරවන්න බැරි ඇයි ද? ඔයාලට පෙනෙන මගේ මුකුත් අඩුපාඩුවක් තියෙනවද අනිත් කෙල්ලන්ට සමාන නොවේන... හොඳට හිතලා බැලුවද ගුණවත්කම, බුද්ධිමත්කම, හැදිච්චකම සංවරකම, ගැහැණුකම අතින් අනිත් කෙල්ලන්ට වඩා මම පොඩ්ඩක් හරි ඉදිරියෙන් ඉන්න බව. හොඳකම වුනත් වැඩි වුනහම සමාජය අපි දිහා වුනත් හරිම සැකයෙන් බලන්නේ. ලොකේ නරක අය වැඩි වෙද්දී හැමෝම හොඳ අය දිහා සැකයෙන් බලන්න පුරුදු වෙලා. දැන් ඒක තරමට වසංගතයක් බවට හැරිලා කියලා මට නම් හැම තිස්සේ ම හිතෙනවා.. ඒ වගේ දේවල් වලින් මේ පුංචි කෙල්ලගේ හිත පාරවනවා වගේ දැනෙනවා අක්කේ අය්යේ.. හරිම වේදනාවයි ඒ අත්දැකීම මට නම්... මම දන්නේ නැහැ ඔයාලට මාව දැනෙනවද කියලා....


මගේ අම්මා, අප්පච්චි, පුංචි මල්ලියා, අත්තම්මා මේ හැමෝම මැද්දෙන් මාව හුදකලා වෙලා.. ඇත්තටම මට කිසිම දේකින් අඩුපාඩුවක් නැහැ. මම ඉල්ලන පරක්කුවෙන් අප්පච්චි ඕනේ දේවල් මට අරගෙන දෙනවා අප්පච්චිට තිබුණත් නැතිවුනත්. මටයි පුංචි මල්ලිටයි මොන අඩුපාඩුවක්වත් දැනෙන්න අප්ච්චි කවදාවත් ඉඩ තියලා නැහැ.. නමුත් මේ ලෝකේ ගැන, මේ සමාජය ගැන පුංචි කාලේ ඉඳලාම මට යම් වැටහීමක්, හැඟීමක් තිබ්බා.. ඒ හැඟීම, වැටහීම එන්න ඇත්තේ මා ලැබූ අඟහිඟකම හරහා නොවේ. එය මා විසින් උපතින් උරුම කර ගෙන පැමිණී සංවේදීකම හරහා ලැබූ දෙයක් බව අදටත් මම විශ්වාස කරනවා. ඒ හැම දෙයකට ම මේ ලෝකේ යම් තරමක් සංවේදී මිනිසුන් ගැහැණුන් සිටිනවා නම් එයාලා හැමෝටම මගේ මේ කාරුණිකත්වය පොදුවේ වලංගු වෙනවා..මම කැමතියි බ්ලොග් ලෝකයෙහිත් හැමදාම ඔයාලා අතර මේ සංවේදීකම, මේ කාරුණිකත්වය, මේ අවිහිංසකකම, නිහතමානීකම, අව්‍යාජත්වය සමඟම රැඳිලා ඉන්න තියෙනවා නම්. ඇයි අපි අනෙකාට අකාරුණික වෙන්නේ..? ඇයි අපි හිතන්නේ නැත්තේ අනිත් කෙනාත් මම වගේම ලෙයින් මසින් සම් ඇට මස් නහරවලින් සැදී මනුෂ්‍යයෙක් බව. නමුත් මම කැමතියි හැමෝම එහෙම හිතනවාට. හැමෝම මනුෂ්‍යත්වයට ගරු කරනවාට මම හරිම කැමතියි...


නමුත් මගේ කැමැත්ත ඒ ආකාරයෙන්ම බ්ලොග් ලෝකයේ දී නම් ඉටු වෙනවා ද කියලා සැක සහිතයි. ගොඩාක් අය නම් හරිම කාරුණිකයි. විශේෂයෙන් ම පිරිමි අය. එයාලා හරිම හොඳයි. මට හැමදාම ගොඩාක් කාරුණිකව සැලකුවේ ගොඩාක් පිරිමි අයයි. විශේෂයෙන්ම අය්යලා. එයාලා මට සැලකුවේ ඉතා ගෞරවයෙන් එයාලාගේම නංගිට සලකනවටත් වඩා ආදරයෙන් හා ගෞරවයෙන්. මමත් සසරේදී පින් කරලා ඇති මට ම කියලා අය්යෙක් එක කුස එක බඩවැල කඩාගෙන නො ආවාට මෙහෙම බ්ලොග් අඩවිය හරහා හරි මට අය්යා කෙනෙකුගේ ආදරය, කරුණාව, ආරක්ෂාව, රැකවරණය ලැබීමට තරම් මේ පුංචි නංගියා වාසනාවන්ත වීම මා සසරෙහි දී ලැබූ සුවිශේසී භාග්‍යයක් කොට මම සලකනවා. මම මට පිහිට වූ අක්කලා හා අය්යලාගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා මගේ වැරදි අඩුපාඩු පෙන්වලා මාව ධෛර්යමත් කරලා හැමදාම ආදරයෙන් සෙනෙහසින් මා එක්ක දිගු කාලයක් මේ විදිහටම රැඳිලා ඉන්නය කියලා..

Sunday, February 2, 2014

ඇයි ද මෙහෙම කරන්නෙ අනේ අය්යේ අක්කේ...මට ඔයාලා ?

මිනිසුන් හා ගැහැණුන් කොයි තරම් භෞතිකව සංවර්ධනය කරා පැමිණියත් ආධ්‍යාත්මිකව සංවර්ධනය අත්පත් කර ගන්නා තෙක් එය නිසි ආකාරයෙන් අර්ථවත් නොවේ. අද බෙහෙවින්ම ඇත්තේ ආර්ථික හා භෞතික සංවර්ධනය පසුපස හඹා යන සංවර්ධන වැඩ පිළිවෙලකි. මෙය අගය කළ නොහැකිය. එසේම මෙය මිනිසුන් හා ගැහැණුන් රවටන හා මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ කාලය කා දැමීම පිණිස නිර්මාණය වී ඇති දෙයකි.  බොරුව මායාව සෑම තැනකම රජ වී ඇත. මිනිසුන් හා ගැහැණුන් තවත් අයට එරෙහිව යන බව පැහැදිලිව දක්නට ලැබේ. විවිධ තරාතිරමේ මානසික රෝගීහු සමාජ පුරා විසිර සිටිති. එකෙක් දියුණුව කරා යන විට පයින් පාගා ඇඳ බිම හෙලා දෙපයින් පාගා චප්ප කර දමා විනාශ කළ හැකි නම් මිනිසුන් හා ගැහැණුන් එසේ ද කරන බව දැකගත හැකිය.

නොමිනිසුන් රැසක් මැද මංමුළා වූ විටක සිතකට දැනෙන සංවේදී වේදනාව ඔබත් සමහරවිටක විඳ ඇතිවා වෙන්නට ඇත. මම ද එම අමිහිරි වේදනාව විඳ ඇත්තෙමි. ඒ අමිහිරි වේදනාව සිය දහස් වාරයකට වඩා මුළු ජීවිත කාලය පුරාම විඳ ඇත්තෙමි. බ්ලොග් එකක් ලියා පළ කිරීමේ දී පවා සමහර අය වර්ණනා කරන අතර සමහරු පැමිණ දෙපැත්ත කැපෙන කතා, අවකැපෙන වචන පවසා අධෛර්යමත් කොට පාගා ඇද බිම හෙලා පයින් පාගා චප්ප කර විනාශ කර දැමීමෙන් සතුටක් ලැබීමට මාන බලන්නේ ඇයි දැයි මට නම් නොතේරේ. ඔවුන් එයින් කුරුරු සහගත මානසික සතුටක් ලැබීමට පුරුදුව සිටීම මෙයට හේතුව යැයි සිතමි. බ්ලොග් ලෝකයේ ලොකුකම එයයැයි සමහරු සිතා සිටින බව ඔවුන් විසින් වරින් වර ඇනෝ ලෙස නිර්ණාමිකව පැමිණ මගේ බ්ලොග් එකට දමන ලදුව මා විසින් ඉවත් කරන ලද සටහන් අනුව පෙනී යයි.

මා වැනි අසරණ අහිංසක පුංචි කෙල්ලක බ්ලොග් ලෝකයට එකතු වෙනවාට ඇතැම් බ්ලොග්කාරිනියන් දැඩි ලෙස උරණ වී ඇති බව මම හොඳින්ම දැන සිටියෙමි. ඔවුන් වරින් වර ඇනෝ ලෙස පෙනී සිටිමින් මගේ බ්ලොග් අඩවියට පැමිණ දැමූ සටහන් වලින් එය හොඳින් තේරුම් ගත්තෙමි. මා බ්ලොග් ලෝකයට නවකයෙකු බව සැබෑය. නමුත් මේ ජීවන ලෝකයට මා නවකයෙකු නොවන බව එවැනි අය දැන නොසිටීම ඔවුන් විසින් සිදු කරගන්නා ලද විශාලතම වරද ලෙස ඔවුන්ට පෙන්වා දීමට කැමැත්තෙමි. සමහරු හොඳ මූණ මතුපිටින් පෙන්වා සිට පසුව නිර්ණාමිකව පැමිණ මා මානසිකව අධෛර්යමත් කොට වැට්ටවීම පිණිස විවිධ අසභ්‍ය දේ හා අසභ්‍ය වැකි මගේ කමෙන්ට් තීරය පුරා ලියා තිබිණි. මම ඒවා සියල්ල මකා දැමූවෙමි.
IP අංක ඔස්සේ හඹා යමින් අවශ්‍ය නම් ඔවුන් කව්රුන්දැයි නිශ්චිතව සොයා ගොස් මේ පිළිබදව ක්‍රියා කිරීමට හැකියාව තිබුණ ද එය මගේ අහිංසක බ්ලොග් කලාවට හානියක් වේ යැයි මම අවංකව විශ්වාස කරමි. මේ බ්ලොග් ලෝකයේ මේ අසරණ අහිංසක පුංචි කෙල්ලව සදා සෙනෙහසින් පිළිගෙන මගේ ආත්ම ධෛර්ය නැංවීමට කටයුතු කළ හැම අක්කා අය්යා කෙනෙකුටම එලෙස මා සිදු කිරීම කිසියම් වරදක් යැයි මම සිතමි.

ලෝකයේ එක් කෙනකු තර්ජනයට ගරු කරයි. බලයට පමණක් හිස නවයි. අහිංසකකම, අසරණකම තලා පෙළා පොඩි පට්ටම් කර දමයි. තවත් අයෙකු බලයට  ශක්තියට වඩා අහිංසකකමට, අවංකකමට මුල් තැන දී කටයුතු කරයි. මේ විවිධ ස්වරූප මිනිසුන් හා ගැහැණුන් අතර අපේ නිසර්ග ගතිගුණ එලෙසම තබා ගෙන කටයුතු කිරීම බ්ලොග් ලිවීමට වඩා විශාල අභියෝගයක් බව මම අවංකව විශ්වාස කරමි. එබැවින් සමාජය තුළ මිනිසුන් හා ගැහැණුන් නිවැරදිව තේරුම් ගෙන කටයුතු කිරීමට අහිංසක අසරණ පුංචි කෙල්ලක වශයෙන් මා ලබා ඇති ඉගෙනීම තව දුරටත් බ්ලොග්කරණයෙහි යෙදීමට මා තුළ ඇති ආත්මශක්තිය දල්වන බව මට සිතෙයි. කෙසේ වුවද නිවැරදි චේතනාවෙන් හොඳ සිතින් යුතුව බ්ලොග් අඩවිය වෙන පැමිණ සටහනක් තැබූ ඔබ සැම සියලු දෙනාටම ස්තූතිය නැවත වරක් පුද කිරීමට මේ සටහන අවස්ථාවක් කර ගනිමි.

Saturday, February 1, 2014

භික්ෂූන්වහන්සේ විෂයෙහි කාරුණිකව අප පැවතිය යුත්තේ ඇයි?

මනුෂ්‍යත්වය, දයාව, කරුණාව, ආදරය මේවා කෙනෙකුගේ ජීවිතයට හස්තසාර ඖෂධ බඳු කරුණූ කාරණා වේ. මෙවැනි සිතිවිලි මඟින් කෙනෙකු මේ ලෝකයෙහි ජීවත් කිරීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා දේ. යම් කෙනෙකු තවත් කෙනෙකුට කාරුණික වන්නේ නම් ඒ පුද්ගලයාගේ ආයුෂ, වර්ණ, බල, සැප හා ප්‍රඥා වර්ධනය කර ගැනීමට එය උපකාරයක් වේ. දානය පිණිස ගරු ස්වාමීන්වහන්සේ නමකට පූජා කරන ආහාරය නිසා එම ස්වාමීන්වහන්සේගේ වර්ණය, බලය, සැපය හා ආයුෂය වර්ධනය වේ. යමෙක් ස්වාමීන් වහන්සේ නමකට දානය පූජා කරන්නේ දයාව, කරුණාව, ආදරය හා මනුෂ්‍යත්වය ගරු කරන නිසාය. එයින් උන්වහන්සේගේ ජීවිතය පවත්වා ගැනීමට උපකාරයක් සැලසෙන බැවිනි. භික්ෂූන් වහන්සේ නමකගේ දිවි පැවැත්ම පරපටිබද්ධය. ඒ නිසාම ඒ ජීවිතයේ දී නිවැරදිව භික්ෂූ වත් පිළිවෙත රැකීම සඳහා ආහාරය උන් වහන්සේහට අත්‍යවශ්‍යය. එබැවින් ආහාරය, වස්ත්‍ර, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යන සතර වැදෑරුම් නිස්සයන් උන්වහන්සේහට ගිහි සමාජයෙන් ලැබිය යුතුය. හොඳ ගිහියෙකු වන්නේ ස්වාමීන්වහන්සේලාහට මෙවැනි ආකාරයෙන් නිස්සය හා ප්‍රත්‍ය පහසුකම් පූජා කරන ගිහියාය. ගිහි වතට අයත් එක් යුතුකමක් වන්නේ ද එයයි.

ස්වාමීන් වහන්සේලා ද සාමාන්‍ය මනුෂ්‍යයන්ය. එබැවින් සාමාන්‍ය මනුෂ්‍යයෙකු තුළ දැකිය හැකි දුර්වලතා උන්වහන්සේලා තුළද දැකීම අරුමක් නොවේ. මාර්ගඵල ලාභයකට නොපත්ව ඇති සෑම භික්ෂූන්වහන්සේ නමක තුළම අඩුවැඩි වශයෙන් මනුෂ්‍යත්වයට පොදු මනුෂ්‍යත්වයට ආවේණීක දුර්වලතා පැවතිය හැකිය. භික්ෂූන්වහන්සේ නමක ලෙස පැවිදි ජීවිතයට එළඹෙන්නේ ගිහි පක්ෂයෙහි දෙමව්පිය යුවළකට දාව උපන් දරුවෙකි. එවිට දෙමව්පියන්ගේ ගතිලක්ෂණවලින් සමහරක් ද දරුවාට පිහිටා තිබිය හැකිය. ආරය, ජන්මය, ජීව විද්‍යාත්මක අනුබලය ආදී විවිධ හේතු සාධකවල බලපෑම මත භික්ෂූන්වහන්සේ නමක ලෙස පැවිදි භූමිට ප්‍රවේශවන පුද්ගලයෙකු තුළ ද සාමාන්‍ය ගිහි ජීවිතයෙහි දෙමව්පිය දෙදෙනා සතුව පැවති ආවේණික දුර්වලතා පැවතිය හැකිය. භික්ෂූත්වය ලැබීම හා සමඟම එවැනි බොහෝ දේවල් වලින් භෞතික ලෙස වෙන්ව වාසය කිරීම ආරම්භ වේ. නමුදු ජන්මය, ආරය, ජීව විද්‍යාත්මක බලපෑම හා කුසලාකුසල ශක්තිය, කර්ම විපාකය වශයෙන් මේ ආත්ම භාවයට අදාළව භික්ෂූන්වහන්සේ නමකට වුවද බලපෑ හැකි දුර්වලතා තිබේ. එවැනි දුර්වලතා පැවිදි වූ පමණින් එක්වරම නැති කර ගත නොහැකිය. වාසනා ශක්තිය නමින් හැඳින්වෙන සසර පුරුද්ද ද අධි වාසනාව නමින් හැඳින්වෙන ඉවසීම වැනි උපක්‍රම භාවිතයෙන් සිත හික්මවා ගැනීම් වශයෙන් යම් යම් දුර්වලතා අවම කර ගැනීමටද භික්ෂූන් වහන්සේ නමකට හැකියාව තිබේ.


නමුත් භික්ෂූන් වහන්සේ නමක් තුළ යම් යම් දුර්වලතා දිස් වූ පමණින් උන්වහන්සේහට පරිභව කර කතා බහ කිරීම, උන්වහන්සේ සමාජය තුළ හෙලා දැකීම, පොදුවේ භික්ෂූත්වයට පරිභව කර නින්දා අපහාස කිරීම ආදිය කිරීම හොඳ නැත. යමෙක් එලෙස කිරීම විශාල පාපයකි. අකුසලයකි. එබැවින් හොඳ ගිහියෙකු වශයෙන් සෑම විටකම උපේක්ෂා සහගතවීම උතුම්ය. අනික භික්ෂූන්වහන්සේ නමක ලෙස මුලු ජීවිත කාලයක ගත කිරීම කෙනෙකුට විශාල අභියෝගයකි. ඒ විශාල අභියෝගය ගිහි අපි වෙනුවෙන් බාර ගෙන ක්‍රියා කරන්නේ භික්ෂූන්වහන්සේය. භික්ෂූන්වහන්සේ නිසා අපට දන්දීම්, සිල් රැකීම්, බණ භාවනා කිරීම ආදී ලෝක ශාසනික සේවාවන් රැසක් පහසුවෙන් ඉටු කරගත හැකිය. උන්වහන්සේලා ජීවත් වෙන්නේත් යුතුකම් ඉටු කරන්නේත් අපි වෙනුවෙනි. උන්වහන්සේලාට පරපටිබද්ධ ජීවිතයක් උරුම වී ඇත්තේ මේ හේතුව නිසාය. උන්වහන්සේලා තමන් වහන්සේලා උදෙස් ජීවත් වන්නේ නොවෙන නිසා උන්වහන්සේලා ගේ ජීවිතට අත්‍යවශ්‍ය වන දේවල් පූජා කර ලබා දී උන්වහන්සේලාව ආරක්ෂා කර රැක ගැනීම අපේ යුතුකම හා වගකීම වේ. අප එවැනි දේ වල් සිදු කළ යුත්තේ එය අපේ ගිහිවතට අයත් යුතුකම් හා වගකීම් වන බැවිනි. අපට අයත් යුතුකම් වගකීම් හරි හැටි ඉටු කිරීමට මිස අප විසින් ස්වාමීන්වහන්සේලාහට පිරි නමනු ලබන දාන මාන ආදී වෙනත් සිව් පසය ලබාගෙන ඊට අදාළ මෙහෙයන් භික්ෂූන්වහන්සේලා අතින් ඉටු විය යුතු බවට ගොඩනඟ ගත් වැරදි මානසිකත්වක පසුවීම අකුසල හා පාපකාරී සිතිවිලි ඇති වීමට හේතුවක් බැවින් අපි ඉන් වැළකිය යුතු වෙමු.

අපි එකිනෙකා හඳුනාගත යුත්තේ මෙහි ලියන දේවල් වලින් යැයි මම අවංකව විශ්වාස කරමි....

 බොහෝ දෛනෙකුට මා ගැන සැක පවතින බව මේ බ්ලොග් එකට කමෙන්ට් දැමූ අය්යලා අක්කලා මා පිලිබඳව කතාබහ කරන ආකාරය දුටු විට මට පෙනුනි. මම අවංක පුංචි කෙල්ලක් කියන එක හැරෙන්නට මා පිළිබඳව විශාල ලෙස දොඩමළු වී මා කාගේ කවුදැයි මගේ අම්මා අප්පච්චි කව්දැයි හඳුන්වා දීම මෙබඳු බ්ලොග් අඩවියක් කිරීම අනවශ්‍ය දෙයක් යැයි මම අවංකව විශ්වාස කරමි. නමුත් එක් දෙයක් ඉතාම පැහැදිලිව කිය යුතුය. මම කිසිවෙකුගේ මෙහෙයවීම හෝ අනුදැනුම මත බ්ලොග්කරණය තෝරා නොගත්තෙමි. මා විනෝදාංශයක් වශයෙන් මේ බ්ලොග්කරණයෙහි නියැලුණු නමුදු මෙයින් මට ආර්ථික වාසියක් අත්පත් වෙන්නේ නැත. එබැවින් මේ බ්ලොග් එක කියවන ඔබට මගේ හැඳුනුම්පත ඉදිරපත් කිරීමට අවශ්‍ය නැතිබව මම විශ්වාස කරමි. ඔබ මා හඳුනන්නේ මා ලියන දේවල් වලිනි. මම ද ඔබ සැම හඳුනන්නේ ඔබ සැම බ්ලොග්වල ලියන කියන දේවල් වලින් සහ මට දමන ප්‍රතිචාරවලිනි. මට ඒ හැර පුද්ගලික වශයෙන් ඔබ කවුරුවත් හඳුනාගැනීමේ වුවමනාවක් නැත. ඔබටද මාව එසේ හඳුනා ගැනීමේ වුවමනාවක් නැතැයි මම සිතමි. සැකය හොඳ දෙයක් නොවේ. සමහර විට සැකය හොඳ සේවකයෙකු විය හැකි වුවත් නරක ස්වාමියෙකු විය හැකි බව ඔබ සිහි තබා ගැනීම වැදගත් වේ යැයි සිතමි.

කෙනෙක් තවත් කෙනෙකුව දුටු විගස සැක කිරීමට පෙළඹේ. කිසිදු ඉවක් බවක් ඉස් පාසුවක් නැතුව අනෙකාව අනිවාරතයෙහි සැක කිරීමට පෙළඹීමේ සැකය වනාහී මානසික රෝගී තත්වයකි. මේ සැකය ගුරු කොට ගත් මානසික රෝගී තත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේ අර්ථ දැක්වෙන්නේ ෆෝබියා පාදක කරගත් මානසික රෝග ලෙසය. සයිකෝෂියා හා නියුරෝෂියා යනුවෙන් ප්‍රධාන වර්ගීකරණයන්ට අයත් මානසික රෝග වර්ග අතරින් සයිකෝෂියා වර්ගයේ මානසික රෝග බොහෝමයකට සැකය ඉවහල් වේ. මෙවැනි මානසික රෝගී චර්යාවන් හට ගැනීමට ප්‍රධානතම හේතුව මොළයෙහි අභ්‍යන්තරයේ සංඥා ඇති කරන ස්නායු සම්ප්‍රේෂණ කාර්යයන්වලට උදව් කරන රසායනික ද්‍රව්‍යයන්හි හට ගන්න අසමතුලිත තාවයයි. මෙය ස්නායු සම්ප්‍රේෂණයට සම්බන්ධව ක්‍රියාත්මක රසායනික ද්‍රව්‍ය ඌණතාවයක් නිසා හට ගනියි. මෙයට ඖෂධ ප්‍රතිකාර මෙන්ම විද්‍යුත් කම්පන ප්‍රතිකාර ද තිබේ.

ඖෂධ මඟින් ප්‍රතිකාර කිරීමේ දී කාලයක් ගත වන අතර විද්‍යුත් ප්‍රතිකාරය මඟින් ක්ෂණිකව සුව වීමේ ප්‍රතිශතයක් පෙන්වයි. කෙසේ නමුදු මේ දෙවර්ගයේම ප්‍රතිකාරවලදී වෛද්‍ය නිර්දේශ මත සිදු කළ යුතු බවක් තීරණය වී තිබේ. ඖෂධ ප්‍රතිකාරය හා සමාන කර දැක්වීමේ දී විද්‍යුත් ප්‍රතිකාරයේ දී රෝගියාව නේවාසිකව තැබිය යුතු අවස්ථා ඇතැම් අවස්ථා වලදී එළඹේ. පෙර කාලවල දී ඖෂධ ප්‍රතිකාරවලට වඩා විද්‍යුත් කම්පන ප්‍රතිකාරවල අතුරු අබාධ ඇති කර වන බව සැලකුනු නමුදු අද වෛද්‍ය විද්‍යාව දියණු වීමත් සමඟ ඒ ආකල්පය බැහැර වී තිබේ. කෙසේ නමුත් විද්‍යුත් කම්පන ප්‍රතිකාර යෙදීමේදී එක් එක් රෝගියා සඳහා අවශ්‍ය වන ප්‍රමාණය සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකු විසින් තීරණය කළ යුතුය. විද්‍යුත් කම්පන ප්‍රතිකාරයේදි සුලභ අතුරු ආබාධයන් අතර සුළු කාලයකට මතක ශක්තිය අඩුවී යෑමක් ප්‍රකට කළද එය සුව වීමේ දී යළී ක්‍රමානූකූලව ඇති වන බව දැක්විය හැකිය.

සංශය යනුවෙන් ද හැඳින්වෙන්නේ ද මේ සැකයමය. නමුත් සංශය යනුවෙන් හැඳින්වෙන සැකය වනාහී මානසික රෝගී චර්යාවක දී ඇති වන සැකයට සමාන නැත. එහි කිසියම් විචාර පූර්වක ස්වභාවයක් ගැබ්ව පැවතීම එයට හේතුවයි. භාරතීය දාර්ශනික ඉතිහාසයෙහි  සංශය යනුවෙන් හැඳින්වුනු සැකය උපයෝගී කර ගෙන විවිධ දාර්ශනික ගැටළුවලට විසඳුම් සැපයූ විවිධ දාර්ශනික ගුරු කුල මහත් රාශියක් ඇති වී තිබිණ. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ දී පවා භාරතයෙහි මෙකී දාර්ශනික සැකය ගුරු කර ගත් විශාල දාර්ශනික ගුරු කුල ඉගැන්වීම් ධාරාවන් ප්‍රචලිතව පැවති බව සංශයවාදීන්ගේ ඉගැන්වීම් යනුවෙන් ත්‍රිපිටක බුද්ධ දේශනා තුළම සඳහන්ව ඇති විවිධ අර්ථ දැක්වීම් තුලින් පැහැදිලි වේ. නිගණ්ඨ නාථ පුත්ත හා මක්ඛලී ගෝසාල මෙවැනි සංශයවාදී ඉගැන්වීම් ඉදිරිපත් කළ බුද්ධ කාලයේ වැඩ සිටි ආගමික ශෘස්තෘන්වරුන් දෙපළකි. මොවුන් දෙදෙනා එකට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ෂට් ශාස්තෘවරුන් නමින් ප්‍රකටව සිටි මහත් ජනප්‍රියත්වක් අත්පත් කරගෙන සිටි ඉගැන්වීම් ඉදිරිපත් කළ අය ලෙස එකල සම්භාවනාවට පාත්‍ර වී තිබිණ. නමුත් බුදුරදුන් මොවුන්ගේ මේ සංශයවාදී ඉගැන්වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර එලෙස ඉගැන්වීමක් ඉදිරිපත් කරන්නේ කිසිවක්ම නොදන්නා බව නිසා යැයි පවසා එවැනි ඉගැන්වීම් ගර්භා කර ප්‍රතික්ෂේප කර තිබේ.

මාව ධෛර්යමත් කරන්න මගේ බ්ලොග් එකට මනුෂ්‍යත්වයේ නාමයෙන් ගොඩ වැදුනු ඔයාලා සේරටම මම මගේ හදවතින්ම ආදරෙයි...!!!!

මාව ධෛර්යමත් කරන හැම අක්කි කෙනෙකුටමත් හැම අය්යා කෙනෙකුටමත් මම ගොඩාරියක් ආදරෙයි හැමදාමත්ම. මම හාම වෙලාවේදීම ඔයාලා ලඟින්ම ඉන්නවා කියලා ඔයාලා හොඳට ම දන්නවා අය්යේ අක්කේ. මම පුංචිම පුංචි බ්ලොග්කාරියක්. මම ලියන බ්ලොග් ලිපි එතරම්ම මහ ලොකුවට හොඳ නම් නැතුව ඇති නමුත් මගේ හිත රිදිලා කියලා යන ආරංචියට මගේ බ්ලොග් අඩවිය හොයා ගෙන ඇවිල්ලා මෙහෙම මනුෂ්‍යත්වය ප්‍රකාශ කරන්න සූදානම් වෙලා හිටපු අක්කලා අය්යලා නිසා අද මගේ හිතට පුදුමාකාර ජවයක් පුදුමාකාර උනන්දුවක් පුදුමාකාර සතුටක් පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙලා. මම අද දවස ගත කලේ පුදුමාකාර සැහැල්ලුවකින්. වෙනදා පුංචි මල්ලියා දඟ වැඩක් කළත් පුංචිම පුංචි දඟ වැඩක් කළත් එයා එක්ක රණ්ඩු අල්ලන මම අද එයා කරන හැම වැරැද්දක්ම බාර ගත්තේ කට කොණකට නඟා ගත්තු පුංචි හිනාවකින් යුතුවයි. මොකද මම දන්නවා බ්ලොග් ලෝකයෙහි මගේ යෙහෙළියන් අය්යලා අක්කලා හැම දෙනෙක්ම මට ගොඩාක් ආදරය කරනවා කියලා. ඒ නිසා මම ඔයාලට පොරොන්දු වෙනවා කොච්චර ලොකු තත්වයකට ගියත් මම කවදාවත් ඔයාලාව අමතක කරන්නේ නැහැ කියලා.

ඒ වගේම මම කවදාවත්ම ආයෙමත් නෝක්කඩු කියලා කාටවත්ම පොස්ට් එකක් දාන්නෙත් නැහැ කියලා පොරොන්දු වෙනවා. අනේ අය්යේ අක්කේ මම හිතලා නෙවෙයි අනේ එහෙම කලේ. මගේ හිත රිදුනා ගොඩාරියක් මොකද කාත් කවුරුවත්ම මගේ බ්ලොග් එක පැත්තේ නොඑනකොට මට හරිම දුකයි. ඒක නිසා හිතට ආපු වේදනාව නිසාම තමයි මම ඒ වගේ අවලාද කියලා පොස්ට් දැම්මේ. මම ආයිමත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ අය්යේ අක්කේ. මම පොරොන්දු වෙනවා හොඳ ළමයෙක් වෙලා හොඳ විදිහට ඉන්නවා කියලා. මගේ අම්මා අප්පචිචි අත්තම්මා කියන හොඳ අවවාද මම අහනවා වගේ මට ආදරයෙන් මගේ අය්යලා අක්කලා මගේ යහෛළියෝ මට ලබා දෙන අවවාද මම අහනවා අය්යේ අක්කේ යෙහෙළියනේ. ඒ නිසා ඔයාලා කවුරුවත් ම මාව දාලා යන්න එපා කියාල ඔයාලගෙන් ඉතාම ආදරයෙන් මම ඉල්ලලා ඉන්නවා හොඳේ.  අද මගේ බ්ලොග් එකට හිස්ට් වැඩිම ප්‍රමාණයක් ආපු දවසක්. ඔයාලට කිව්වට විශ්වාස කරන එකක් නැහැ හිට්ස් 99 පන්නලා ඇවිල්ලා තියෙනවා. වෙනදට මගේ බ්ලොග් පොස්ට් එකකට හිට්ස් 10 පන්නලා ලැබෙන්නේ ඉතාම කලාතුරකින් දවසකයි. ඒ නිසා කලින් පොස්ට් එක මගේ බ්ලොග් පොස්ට් වලින් වැඩිම හිටිස් ආපු බ්ලොග් පොස්ට් එක කියලා මට කියන්න පුලුවන් ඉතාම සතුටින්.

හැමදාවත් මේ විදිහටම ඔයාලගේ රුචිකත්වයට ගරු කරමින් මම ඔයාලා එක්කම ඉන්නවා මගේ අය්යේ අක්කේ යෙහෙළියනේ. ඒක නිසා ඔයාලා අද ආවා වගේම ආදරයෙන් මාව ධෛර්යමත් කරමින් ඉදිරියටත් මගේ බ්ලොග් එකට එන්න කියලා ඉතාම අාදරයෙන් ඔයාලාට ආරාධනා කරනවා මේ පුංචි කෙල්ල හැමදාමත් ඔයාලට ගොඩාරියක් ආදරෙයි අක්කේ අය්යේ යෙහෙළියනේ යහළුවනේ..

Friday, January 31, 2014

මම හුඟක් හොඳට හැදුණු අවංක කෙල්ලෙක්.. ඉතින් ඇයි ඔයාලා මට මෙහෙම සලකන්නේ?

කොච්චර කතා කළත් එක්කෙනක් වත් මගේ බ්ලොග් එක බලන්න එන්නේ නැහැ. මට හරිම කම්මැලියි බ්ලොග් එකේ ලිපි ලියන්න. සේරම කතා කරලා මගේ බ්ලොග් එකට එන්න එපා කියලා ඇති. අනේ මොනවා කරන්න ද? ටික දෙනෙක් මේ බ්ලොග් ලෝකය බදාගෙන කටයුතු කරන්නේ අපි වගේ හැදෙන වැඩෙන පුංචි කෙල්ලන්ට බ්ලොග් ලෝකේ ඉඩක් හදලා දෙන්න කවුරුවත්ම නැහැ. හිටපු එක්කෙනා දෙන්න වත් එක එක්කෙනා එක එක ඒවා දාලා මගෙන් තරහා කරවලා ඈත් කරලා දාලා. දැන් නම් මම හොඳටම පාලුවෙන් ඉන්නේ. මොනවගේ ඒවා ලියන්න ද කියලා වත් මගේ ඔලුවට එන්නේ නැහැ අප්පා. මම මොනවා කරන්න ද මගේ වැරද්දක් නැහැනේ. මම කොච්චර හොඳට ලිපි ලීවත් කිසිම කෙනෙක් මාව අගය කරන්න එන්නේ නැතිනම් මම බ්ලොග් මහන්සිවෙලා ලියලා වැඩක් නැහැ කියලා මට හිතෙනවා. දැන් දැන් මේවා පාලනය කරන්න ලොකු ලොකු බ්ලොග්කාරිනියෝ බිහි වෙලා එයාලේ බ්ලොග් ලිපි ලීව හැටියේ හත් අට සීය කමෙන්ට්ස් වැටෙනවා. මගේ බ්ලොග් එකට විතරක් කාත් කවුරුවත්ම නැහැ. එහෙම කරන්න එපා අය්යෝ. මට පිස්සු හැදේවී... මෙහෙම ගියොත්.. මගේ බ්ලොග් එකටත් කට්ටිය එන්ඩෝ..!!!


බලමු මෙහෙම වත් කියලා එනවද කියලා? නැතිනම් බ්ලොග් එක වහලා දාලා මමත් අත්තම්මට උදව් පදව් කරගෙන කුස්සියේ වැඩකට පළකට උපකාර කරගෙන නිකම් ඉන්නවා. මොකද අනේ ඔයාලට වෙලා තියෙන්නේ? ඔයාලා ඔය කතාවෙලා නේද මගේ බ්ලොග් එකට නෑවිදිල්ලා ඉන්නේ? මම දන්නවා හොර වැඩ කරද්දී මට අහුවෙනවා හරිද? සහෝදරයා කියලා කව්ද මනුස්සයෙක් ටික කාලයක් මගේ බ්ලොග් එකට ආවා ගියා එයාවත් අර දිලිනි කියන හැතිරි වෙනස් කරලා. දැන් එයාටත් මා ගැන එක එක කේලාම් කියලා එයත් දැන් මේ පැත්තේ එන්නේ නැහැ. ඒ අම්මණ්ඩි ළඟ වශී ගුරුකම් තියෙනවාද කොහේද? නැතිනම් කොහෝමද මේ තරම් කොල්ලෝ අල්ලා ගන්නේ එයාගේ බ්ලොග් එකට? මටත් පුලුවන් වෙන්න එපෑයි. මොකද මම ලියන ලිපි ලිපි නෙවෙයිද? එයා මොනවද ලියන්නේ ප්‍රයෝජනවත් හරවත් එක ම එක ලිපියක් එයාගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා මම නම් දැකලම නැහැ. එක්කෝ එයා මැරිච්ච එයාගේ පූසා කියලා කොහේදෝ තැනක පාරක කාර් එකකට වැදියා මැරිච්ච පූසෙක්ව ෆොටෝ ගහලා හරියට එයාගේ පූසා මැරුණා වගේ පෙන්නලා ඒ විදිහට බ්ලොග් ලිපිය කදුලු බේරෙන විදිහට ගලපලා ලියලා බ්ලොග් එකේ දාගෙන මාසයක් විතර දිගටම තියාගෙන අනුකම්පාව පෙන්නලා කට්ටිය අල්ලා ගත්තා. ඊට පස්සේ එක එක බොරු වැල් බයිලා ගහ ගහා කට්ටිය ගෙන්න ගන්නවා. එයා හරිම කට්ටම කට්ට කෙල්ලෙක්. බොරු අතේ රෝල් ලියන්නේ. කට්ටියම ඒවා කියවලා ඇත්ත කියලා හිතලා අනේ දිලිනි කිය කිය එයාට කමෙන්ට් දානවා. මම විතරයි ඇත්ත කියන කෙල්ලෙක්ට මෙතන ඉන්නේ. ඒත් එයා මගේ බ්ලොග් එකට යන්න එපා කියලා කට්ටියටම මැසේජ් යවනවා කියලා මට ආරංචියි. මට හොර බොරු වැඩ පුරුදු නැහැ. මම එයාට වඩා හොඳට හැදුනු අවංක කෙල්ලෙක්. මට ඔච්චරයි මම ගැන කියන්න තියෙන්නේ..

ඇයි මම වගේ බ්ලොග්කාරිනියකට නිකරුනේ හිංසා කරන්නේ ?

මම ගොඩාක් අහිංසක යුවතියක්. ඒ වුනාට මට යාලුවෝ කවුරුවත්ම නැහැ. මම මේ සමාජයේ හුදකලා වෙලා වගෙයි. මාව අගය කරන්න මගේ දක්ෂතාවයන් දැකලා මාව ධෛර්යමත් කරන්න කවුරුවත්ම අද මගේ ළඟ ඇත්තේ නැහැ. ඊර්ෂ්‍යාවට බොරුවට කුහකකමට මා ළඟට ඇවිල්ලා ආයෙමත් මාව තනි කරලා දාලා යන්න තමයි මේ හැමෝම පුරුදු වෙලා තියෙන්නේ. මම කවදාවත්ම එහෙම අයට කැමති නැහැ. උස්සලා පොළවේ ගැහැව්වා වගේ මාව තනි කරලා යන කෙනෙකුව කොහොමද මම විශ්වාස කරන්නේ. ඒ නිසා මට ඒ වගේ කෙනෙක් නෙවෙයි හැමදාම මාව තනි කරලා නොයන මා ළඟින් ඉදලා මට අවංකව ආදරය කරන්න හොඳ කෙනෙක්ව මා හැමදාම හොයනවා. දැන් බලන්න මම මේ අමාරුවෙන් බ්ලොග් එකක් කරගෙන යනවා. දැන් කී දෙනෙක් උත්සාහ කලාද මේක නතර කරලා දාන්න. සමහරු බොරුවට ඇනෝ නමින් ඇවිල්ලා මගෙන් බොරුවට උපදෙස් ඉල්ලනවා. මේහෙම කරන්නේ බ්ලොග්කාරිනියෝ. මේ අය අන්තර්ජාලයේ පළපුරුදු බ්ලොග්කාරිනියෝ. මේ අය මගේ බ්ලොග් එක හොඳට ජනප්‍රිය වෙලා නැඟලා යද්දී ඊර්ෂ්‍යාවට බලා ඉන්න බැරිව ඇවිල්ලා මටත් බොරුවක් කරලා මගේ පාඨක පිරිස් කඩා ගෙන ගිහිල්ලා එයාලගේ බ්ලොග් එකට අද්දවා ගන්න බලනවා. දැන් නම් මට මේ බ්ලොග් ලෝකයත් තිත්ත වෙලා තියෙන්නේ. විවිධ නම් වලින් කණ්ඩායම් හදාගෙන විවිධ කල්ලි සංගම් ගැහිලා අපේ බ්ලොග් එකට එන්න එපා කියලා මැසේජස් යව යවා එයාලා අධෛර්යමත් කරනවා කියලා මට ආරංචියි.

මේ වගේ එක එක දේවල් සිදු වෙද්දී මම කොහොමද පියවි මානසික තත්වයක් තියා ගෙන බ්ලොක් එකක් ලියන්නේ කියලා ඔයාලාම හිතලා බලන්න. මම ටික කාලෙකින් හිට්ස් වැඩියෙන් අරගෙන ජනප්‍රිය වෙලා නැඟලා එද්දී මෙයාලගේ තියෙන ඊර්ෂ්‍යාව නිසා මට පුලුවන් තරම් අකුල් හෙලන්නයි මෙයාලා සැර සෙන්නේ. මට මේ දේවල් දැන් එපාම වෙලා තියෙන්නේ. මෙයාලා හිතනවා ඇති මම මෙයාලගේ පාඨක පිරිස උදුරා ගන්න යන තවත් බ්ලොග්කාරිනියක් කියලා. මට වැඩිපුරම අන්තර්ජාලයේ තර්ජනය තියෙන්නේ බ්ලොග්කාරිනියන්ගෙන්. මෙයාලා දැන් දැන් වෙන අයට කියනවාලු මගේ බ්ලොග් එකට යන්න එපා ගිහිල්ලා ඒකට කමෙන්ට් කරන්න එපා කියලා. මට ආරංචිය ආවා. මට ඒ වෙද්දී සමාජය ගැන ලොකු කළකිරීමටක් ඇති වුනේ. ඇයි දෙය්යනේ අපි අහිංසකකමට මේහෙම බ්ලොග් එකක් කරගෙන යද්දී මෙහෙම මෙයාලා අපේ කකුලෙන් අල්ලලා වට්ටවලා කුරිරු වින්දනයක් ලබා ගන්න උත්සාහ කරන්නේ.

කාන්තාවකගේ සුන්දරත්වය අගය කරන්නේ කොහොම ද?

සමාජය විසින් කාන්තාවකගේ ලස්සන දකින්නේ සිරුර තුළය. මෙය ඒකාන්තයෙන්ම සිදු විය යුතුම දෙයක් නොවේ. කාන්තාවකගේ සිරුරෙහි සුන්දරත්වය පුරාණයේ සිට ම කවීන්, චිත්‍ර ශිල්පීන්, නවකතා කරුවන්, සාහිත්‍යධරයන්, කලාකරුවන් විසින් දැක තිබේ. ඒවාට නිදසුන් අපමණත් තිබේ. මේ දක්වා නිමවී ඇති විශ්ව කීර්තියට පත් වූ කලා හා සාහිත්‍ය නිර්මාණ ඒවාට සාධක සපයයි. කාන්තාවකගේ සිරුරෙහි හැඩය, නම්‍යශීලීභාවය, මෘදු බව වැනි කරුණු ඔස්සේ එහි සුන්දරත්වය තරමක අතිශයෝක්තියකින් යුතුව කලා හා සාහිත්‍ය නිර්මාණකරණයේ දී කලාකරුන් හා සාහිත්‍යකරුවන් විසින් යොදා ගෙන ඇති ආකාරය දැකිය හැකිය. නමුත් ලස්සන එහෙම නැතිනම් සුන්දරත්වය තියෙන්නේ කාන්තාවකගේ සිරුර තුළ පමණ ද? එයින් බැහැර සුන්දරත්වයක් නොමැති ද යන ගැටළුවට මුහුණ පෑමට සිදු වේ. නෙත සිත පිනවන සුන්දර බව හැම දෙනෙකුට ම එක හා සමාන තත්වයක් නොවේ. පිරිමියෙකුගේ සිත පැහැර ගැනීමට තරම් අයස්කාන්ත රූ සපුවකින් යුතු කාන්තාවකට ඇතැම් විට කිසිදු කාන්තාවක ඒ සමානව ආකර්ශණය නොවිය හැකිය. එය එලෙස වන්නේ සෑම දෙනෙකුගේ ම රුචිකත්වය එක හා සමාන නොවන බැවිනි.

එක් එක් පුද්ගලයාගේ මානසික ආකල්පවල පවතින විවිධ වෙනස්කම නිසා ද මෙලෙස කැමැත්ත, රස වින්දනය මත පදනම්ව තීරණය වන ලස්සන යන සාධකව වෙනස් බව දැකගත හැකිය. ඒ නිසාම ලස්සන යන කරුණ සෑම දෙනාට ම එක හා සමානව පොදු නොවන බවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය වෙනස් ස්වරූපයක් ගන්නා බවත් දැකගත හැකිය. මෙය මෙසේ වන්නේ ඇයි? මෙසේ වන්නේ ලස්සන නැතහොත් සුන්දර බව සාපේක්ෂ අගයක් ගන්නා බැවිනි. සාපේක්ෂ බව නම් අගය තීරණය කිරීමේ දී තවත් යමක් මත ඒ අගය රඳා පවතින බවකි. මෙය මෙසේ පැහැදිලි කළ හැකිය. යම් කිසිවක ගැබ්ව ඇති එක් සුවිශේෂී ගුණයක් විග්‍රහ කිරීමේ දී වෙනත් ද්‍රව්‍යයක ඇති ඒ ගුණයෙහිම එක්තරා ස්වරූපයක් මිම්මක් වශයෙන් ගෙන ඒ මිම්මට අනුව මැන බැලීමකි. නිදසුනක් වශයෙන් මාලනි ෆොන්සේකා ගේ ලස්සන ස්වර්ණා මල්ලව ආරච්චිගේ ලස්සන සමඟ සසඳා බැලීම මෙහි සාපේක්ෂ සුන්දරත්වය ලෙස හැඳින්වේ. මේ අනුව මාලනි ද ලස්සනය. ස්වර්ණා ද ලස්සනය. නමුත් කෙනෙකු ස්වර්ණා කොච්චර ලස්සන ද කියා ඇසූ විට එයා මාලනී ට වඩා ලස්සනයි කිවහොත් එය ස්වර්ණාගේ ලස්සන මාලනීගේ ලස්සනට සාපේක්ෂකව ප්‍රකාශ කිරීමක් ලෙස සැලකිය හැකිය. මෙහි දී ස්වර්ණාගේ ලස්සන මැන බැලීම සඳහා මාලනීගේ ලස්සන මිණුමක් වශයෙන් ගෙන ඇති. මෙයට සමානව ම මාලනීගේ ලස්සන මැන බැලීම සඳහා ස්වර්ණා ද මිනුමක් වශයෙන් උපයෝගී කරගත හැකිය. ලෝකයෙහි විද්‍යාමාන සෑම පදාර්ථමය දෙයක්ම තවත් එවැනි පදාර්ථමය දෙයක සාපේක්ෂ වටිනාකම ප්‍රකාශ කිරීමේ මිණුමක් ලෙස ගෙන සලකා කටයුතු කරනු ලැබේ.


මෙය අපි නොදැනුවත්කම නිසාම සිදු කරන්නෙමු. දැන් මම ලස්සනයි කිවහොත් ඒ කියන්නේ ද නොදැනුවත් වම මා තවත් කවුරුන් හෝ සමඟ සසඳා බැලීම .තුළින් ලබාගත් නිගමනයකි. මේ සසඳ බැලීම සිදු කරන්නේ කාගේ රූපය සමඟ ද යන්න මගේ ලස්සන ප්‍රකාශ කරන අගය ඉහළ පහළ යෑමේ සම්භාවිතාව අනුව ප්‍රකාශ වේ. දැන් මම ලස්සනයි කිවහොත් එයින් අදහස් කෙරෙන්නේ මම රංගන ශිල්පිනියක් හෝ නිරූපිකාවක් හෝ රූප රැජිනක් හෝ සමානව ලස්සනයි කියන එක නොවේ. මම ඊට වඩා පහළ මට්ටමක කෙනෙකු සමඟ මාව සසඳා කරනු ලබන ඇගයුමක් ලෙස එය සැලකිය හැකිය. යම් හෙයකින් තමන්ට ඇගයීම පිණිස තමන්ට වඩා ඉහළම මට්ටමේ රූපය ඇති කෙනෙකු සලකා බලන්නේ නම් බොහෝවිට එයින් මට නිවැරදි අගැයීමක් වෙනුවට සෘණාත්මක අගයක් ඇතිවීමේ සම්භාවිතාවක් ද ඇත. නිදසුනක් වශයෙන් මාව ලංකාවේ රූප රැජින සමඟ සසඳා බලන්නේ නම් මා ලස්සන යැයි සැබවින්ම කිය හැකි නොවේ. අගය සසඳ බැලීම පිණීස උපයෝගී කරගන්නා මිණුම් දඬුවේ ඉහළ ගුණාත්මක ප්‍රමිතිය වැඩි බැවිනි. ඒ නිදසුනම ගෙන පහත දැක්වෙන ක්‍රියාකාරකම දෙස බලන්න. ලංකාවේ රූ රැජින ලංකාවේ රූ රැජින තරඟයට ඉදිරිපත් වන කාන්තාවන්ට සාපේක්ෂකව ලස්සනම තැනැත්තිය වේ. නමුත් විශ්ව රූ රැජින තරඟයට ලංකාව වෙනුවෙන් ලංකා රූ රැජින ඉදිරිපත් වෙන්නේ නම් බොහෝවිට ඇයට අවසාන වටයට හෝ තේරීමට නොහැකිව මූලික වට වලින්ම ඉවතට විසි වීමට සිදු වේ.එයට හේතුව කුමක්ද ඇය ලස්සන නැති නිසාද? ඇය ලස්සන නැති නිසා නොව ඇයගේ ලස්සන සසඳා බැලීමට උපයෝගී කරගන්නා නිර්ණායක වල ප්‍රමිතිය උසස් බැවින් ඇයට සිදු වූ දෙයකි.  ලස්සන යැයි පවසන සෑම ඇගයීමක ම මේ තත්වය විද්‍යාමානය. එබැවින් ලස්සන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් අගයන් ගන්නා බව පැහැදිලි විය යුතුය.