Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 8, 2014

මනුෂ්‍ය සබඳතා විකෘති හා විකාරරූපී බවට පත්වීම නිසා ඇති වී තිබෙන අයහපත් ප්‍රතිඵල මොනවාද ? !!



මනුෂ්‍යයන් තුළ පොදුවේ දක්නට ලැබෙන කේන්ද්‍රිය දුබලතා ලෙස ඉන්ද්‍රීය ප්‍රීණනයෙහි ඇති කැමැත්ත කාමභෝගී ලෙස කටයුතු කිරීමට දක්වන ආශාව, ඉහළ සමාජ ස්ථරයන් කරා පිවිසීමේ අරමුණ හා කැමැත්ත, ප්‍රදර්ශන කාමය වැනි කරුණු පෙන්වා දිය හැකිය. 

ඊට අමතරව සාමාන්‍යයෙන් සෘණාත්මක ආකල්ප ලෙස සැලකිය හැකි දැනීම් විශාල ප්‍රමාණයක් මිනිසුන් සතු වේ. ඔවුන් සතු ආකල්ප දුබලතාව නිසා මිනිසුන් ඉතා පහසුවෙන් පවතින සමාජ ක්‍රමයෙහි විකෘතිතාවයකට ගොදුරු වේ. පවතින සමාජ ක්‍රමය යටතේ මිනිසුන් තුළ පවතින සංවේදිකම, පිරිසිදු සමාජ විඥානය විකෘතිකර දමනු ලැබේ. මානව චර්යා, ආකල්ප, ආවේදන හා විශ්වාස විකෘති හැඩතල ගෙන තිබේ.

 මංකොල්ල කෑම්, සාවද්‍ය බිහිසුණු මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, විවිධ අපචාර හා තදබල අශෝබන ක්‍රියා වැනි දැඩි ජුගුප්සාජනක අශ්ලීල  ප්‍රචණ්ඩකාරී ක්‍රියා රැසකට මානව ආකල්ප, ආවේදන හා චර්යාව විකෘති වීම සෘජුවම හේතු වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වර්තමානයේ සමාජයතුළ මානව සබඳතා  ස්වභාවිකත්වය ඉක්මවා ගිය විකෘති ස්වරූපයක් ගෙන තිබීමයි. 

මෙය බාහිර අභ්‍යන්තර විවිධ මට්ටමේ කරුණු කාරණා ඉවහල් වී තිබේ. අද පවතින අධික තරඟකාරී ආර්ථික රටාව තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා වෙතට විවිධ බලපෑම් මේ තත්වය නිසා ඇති ව ඇත. පවතින සමාජ, ආර්ථික හා දේශපාලන බලපෑම් වනාහී හොඳ ඒවාට වඩා නරක ඒවාවල ප්‍රමාණය අධික වී තිබේ. 

මේ හේතුව නිසා වර්තමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින් හොඳ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට වඩා ලාභය උපරිම ලැබීමේ අරමුණ පෙරදැරිව අහිතකර, විකෘති සහගත සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම නිසා ඒවාට මනාව සැසඳෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමු වී තිබේ. 

මේ හේතුව නිසා තත්වයෙන්, ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් ඉතා පහළ මට්ටමක තිබෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණයක්  විවිධ වෙළඳ සන්නාම නාම යටතේ විවෘත වෙළඳ පළ ආර්ථික ක්‍රමවේදයේ බලපෑම අනුව අද ආර්ථික වෙළඳ පළ තුළට ප්‍රවේශව තිබේ. 

ඒ බහුතර පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමක් කිරීම සඳහාය. බහුතර පාරිභෝගික පිරිසක් යැයි වාණිජ අර්ථ ක්‍රමයේ දී අර්ථ දක්වා ඇත්තේ වැඩි වෙළඳපළ මිලදී ගැනීමේ ශක්තියක් නැතහොත් ක්‍රය ශක්තියක් ඇති පුද්ගල සමූහයකට බව ආර්ථික විද්‍යා න්‍යායය අනුව පැහැදිලි කළ හැකිය. මේ අනුව සමාජයෙහි වැඩි ක්‍රම ශක්තියක් හිමි වන්නේ නොගැඹුරු මානසික ආකල්ප, ආවේදන හා චර්යා සහිත පිරිසකට බව පෙනී යයි. 

මේ පිරිසට ගැලපෙන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින් පෙළඹේ. මේ යටතේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතිය, ගුණාත්මක බව හා කල්පැවැත්ම පහළ මට්ටමක පවතියි. 

මේ තත්වය කලාව සාහිත්‍ය වැනි සියලු නිෂ්පාදන කෙරෙහි එක හා සමානවම බලපානු ලබයි. මේ හේතුව මත සමාජයේ විවෘත වෙළඳ පළතුළ විකිණීමට තබා ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අනිවාර්යයෙන්ම ගුණාත්මක බව, ප්‍රමිතිය හා කල්පැවැත්ම ආදී අංශයන්ගෙන් පහළ මට්ටමක පවතියි. 

එවිට සමාජයේ වෙසෙන මිනිසුන් අතරින් ආකල්ප, ආවේදන හා චර්යා ආදී පැතිකඩවල ගුණාත්මක වටිනාකමක් ඇති ස්වල්ප පිරිසට ද සිදු වනුයේ බහුතර කැමැත්ත පරිදි නිෂ්පාදනය වී වෙළඳ පළට පැමිණ ඇති ගුණාත්මක බවින්, ප්‍රමිතියෙන් හා කල් පැවැත්මෙන් හීන වූ භාණ්ඩ හා සේවා මිළඳී ගැනීමටය. 

මේ විවෘත වෙළඳපළ මිළ ක්‍රමය යටතේ විද්‍යමාන වන විශාලතම වූ දුර්වලතාවයකි. මේ යටතේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය පහළ මට්ටමක පැවතීම මිම්මක් වශයෙන් ඒ නිෂ්පාදනය වන රට පිළිබඳව තක්සේරුවක් කිරීමට භාවිතා කළහොත් නිෂ්පාදන ප්‍රමිතිය පහළ මට්ටමක පවත්වා ගැනීම එරටේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වලට ඇති ඉල්ලුම පහළයාමට හේතුවක් වන බව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් වගකිව යුතු අංශවල ඇත්තන්ට නොමැති වීම ද අවාසනාවකි. 

ලෝකයේ දියුණු රටවල විවිධ වෙළඳ සන්නාම නාමවලට හිමිව තිබෙන උසස් පිළිගැනීම එවැනි රටවල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රබල හේතුවක් වී තිබේ. 

මේ හේතුව මත අප කළ යුත්තේ සැබවින්ම ලෝකයේ ඉහළ ප්‍රමිතියක ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදන අප වැනි රටවලට පැමිණීම වාරණයට ලක් කිරීම නොව ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතියට සමාන උසස් ඉහළ ප්‍රමිතියකින් අප රටතුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදන බිහි කරවීමට අවශ්‍ය තාක්ෂණික, මුල්‍යමය ආදී අංශවලින් අවශ්‍ය ආධාර උපකාර ලබාදීමය. 

තරඟකාරීත්වය තුළින් වඩාත් උසස් ප්‍රමිතියක ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදන බිහි කිරීමට දිරි ගැන්විය හැක්කේ එවැනි උපක්‍රම අනුගමනය කිරීමෙන් පමණකි.

15 comments:

  1. මම නිසංසලේ කියවන්නම් .

    ReplyDelete
  2. ඔබ නිතරම කියන කථාවක් තමයි //අනේ මම නම් පුංචි කෙල්ලෙක්. මට නම් මේකේ තියෙන ගොඩාක් ගැඹුරු අදහස් ටික එක පාරටම තේරුම් ගන්න ටිකක් අමාරුයි. // කියන එක

    ඒ ගැන බලද්දි මේ වගේ ලිපි ලියන්නේ ඔබමද කියා සැකයක් ඇතිවෙනවා මොකද ඔබ හිටිස් අඩුයි කියා හඩා වැලපෙන කොමෙන්ට්ස් දිහා බැලුවම...

    එක්කෝ ඔබ පුංචි කෙල්ලෙක් කියා රගපානවා නැත්නම් කොහෙන් හෝ ලබාගත් ලිපි පලකරනවා....

    ReplyDelete
    Replies
    1. අඩෝ කැරි අනො නිකම් පුක දෙන්නේ නැතුව පලයං හුත්තෝ යන්න බක පණ්ඩිත ටොක් අතාරින්නේ නැතුව සෙවල හලනවා මෙතන පොන්නයා

      Delete
  3. //අනේ ලොකු වුනහම හරි මම ආසා නැහැ දේශපාලනය කරන්නේ. මම ආසා හොඳට ඉගෙන ගෙන අනාගතයේ දී වෛද්‍යවරියක් වෙලා මේ සමාජයට සේවය කරන්නයි..//
    මෙහෙම කියන ඔබේ Profile එකේ මෙහම තියනවා
    //Anjalika Niroshini Adikari
    Worked at SriLankan Airlines
    Attended Mahamaya Girls' College, Kandy
    Lives in kandy//

    අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. http://nihadathavaya.blogspot.com/2014/02/blog-post_7.html?showComment=1391871666107#c4220497418753033462

      Delete
    2. මටත් මම නොකියපු කවදාවත් හීනෙත්වත් කරනවා තියා හිතපු නැති දේවල් කලා කියලා මට අපහාස කරලා නින්දා කරලා මඩ ගහලා තිබ්බා අන්තර්ජාලයේ. ඒවා කරන්නේ එක්කෝ එක්කෙනෙක් නැතිනම් එකම පිරිසක් විසින්. කොහොම වුනත් මේ පිරිස හෝ මේ පුද්ගලයා හෝ මෙවැනි කටයුතු වලින් කිසියම් විකෘති මානසික වින්දනයක් ලබන බවක් පෙනී යනවා. ඔහු හෝ ඇය ඊර්ෂ්‍යාවෙන් මේ දෙය මේ විදිහට සිදු කරන බව පෙනී යනවා. මගේ දියුණුව ඇති වුනේ මට මේ විදිහට අපහාස නින්දා කරපු නිසාමයි කියලා මට හිතෙනවා. මම අපහාස කරපු අයට ස්තුති කරනවා මගේ දියුණුවට උපකාර කිරීම වෙනුවෙන්.

      Delete
  4. Your identity is immaterial...
    A meaningful great article on the law of commerce and the commercialized word...
    The language has to be more simple which helps the content to be beneficial to all

    ReplyDelete
  5. //මනුෂ්‍යයන් තුළ පොදුවේ දක්නට ලැබෙන කේන්ද්‍රිය දුබලතා ලෙස ඉන්ද්‍රීය ප්‍රීණනයෙහි ඇති කැමැත්ත කාමභෝගී ලෙස කටයුතු කිරීමට දක්වන ආශාව, ඉහළ සමාජ ස්ථරයන් කරා පිවිසීමේ අරමුණ හා කැමැත්ත, ප්‍රදර්ශන කාමය වැනි කරුණු පෙන්වා දිය හැකිය. //


    එතකොට දියුණු රටවල ඉන්න මිනිස්සුන්ට ඔය දේ නැති නිසා කියලද මේ පහල ලියල තීන දේ සිද්ධ වෙන්නෙ.


    //ලෝකයේ දියුණු රටවල විවිධ වෙළඳ සන්නාම නාමවලට හිමිව තිබෙන උසස් පිළිගැනීම එවැනි රටවල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රබල හේතුවක් වී තිබේ. //


    මේක ලියන්නෙත් නිශ්ෂබ්ධ විළියම්ම වගේ තමයි පේන්නෙ. මුල මැද අග එකම අවුලක්!

    ReplyDelete
  6. ඔයා මාව ඇඩ් කළාට ස්තුතියි.අපේ බ්ලොග් එකට කාන්තාවන් හැකිපමන සම්බන්ධ කර ගන්න ඕන.ඒකට උදවු කරන්න පුළුවන්ද? බ්ලොග් එක ගැන කාන්තාවක් විදියට ඔබ මොකද හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා හරි චොයි මම ආදරෙයි ඔයාට ...ඔයා මාව බදිනවාද???

      Delete
  7. බ්ලොග් ලියන්නන් බහුතරයක් එකතු වෙන තැන් තමයි සින්ඩිකේටර. සින්ඩි වර්ග කීපයක් ම තියෙනවා මෑතක බිහිවුණ. මාතලන්ගේ සින්ඩිය, කැම්පස් සින්ඩිය,අජිත් කුමාරගේ සින්ඩිය,සිත්තම, තිඹිරිගෙය, සිංහලයා,කොත්තු,සන්දේශය, සින්ඩි ලංකා මේ වගේ බොහොමයක් තියෙනවා. ඒ සියල්ලෙම වාගේ ලියාපදිංචි වීම ඔබගේ පාඨක පිරිස වැඩි කරගැනීමට සහ මේ අදහස් බහුතරයක් වෙත ගෙන යෑමට වැදගත් වේවි.

    ReplyDelete
  8. වටිනා ලිපියක්... ඇත්තෙන්ම ඔබට ජය....
    මේ ලිපියේ සදහන් විකෘති මනස් ඇතිවෙන්න හේතුව කුමක්ද...? හේතුව සොයා එයට පිළියම් කිරීම අනාගත දරු පරපුරට යහපතක් වේවි.. මගේ අදහස..

    ReplyDelete

මම ලියපු මේ ලිපිය ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා අදහසක් දාලාම ඉන්නකෝ. එහෙම කරනවා නේද?